She lost everything 💔

303 50 55
                                    

කලබලයෙන් ආව ජිමින් කෙලින්ම ඩ්‍රයිව් කලේ ගෙදරට.. මිස්ටර් කිම් හෙට උදේම ආයේ කොරියාවට එනවලු.. ඒ නිව්ස් එක අහපු ගමන් කොල්ල රත් වුනේ දැන් පැයකට විතර කලින් කෙල්ලට කරපුව මතක් වෙලා..

විනාඩි විස්සක් වගේ යද්දී ජිමින් ගෙදරට ආවා...

වෙලාව රෑ එකොලහා මාරට කිට්ටුයි.. ජිමින් කාර් එකත් පර්ක් කරලා කෙලින්ම ගියේ රූම් එකට.. අජුම්මා එයාගේ රූම් එකෙන් එලියට ආවත් ජිමින්ට කතා කරන්න ගියේ නෑ.. ජිමින් රූම් එකට යනකන් බලන් ඉදලා ලොකු සුසුමක් හෙලුවේ කෙල්ල ගැන මතක් වෙලා..

දෙයියනේ කෙල්ලව මරයිද දන්නේ නෑ.. ඇයි මේ ළමයව අපේ පොඩි මහත්තයට බැන්දුවේ?? අහිංසක කෙල්ලෙක්.. නිකන් ජීවිතය විනාස වෙනවා..

අජුම්මා හිතන ගමන් රූම් එකට ආයේ ගියා..

ජිමින් හෙමින් හෙමින් රූම් එකට ගියාම දැක්කේ කෙදිරිල්ලක් එක්ක නිදාගන්න ට්‍රයි කරන කෙල්ලව.. ජිමින් හෙමින් කෙල්ල ලගට ළං වුනා..

"සෙනා... ඔයා නිදිද??"

"ජි...ජිමි...ජිමින් 🥺🥺"

කෙල්ල තාම හිටියේ බයෙන්.. බයෙන් බයේ කෙල්ල එහාට වෙද්දී ජිමින් කෙල්ලගේ අත අල්ලගත්තා..

"බය වෙන්න එපා.. සොරි.. මට ගොඩක් කේන්ති ගියා"

කෙල්ලගේ ඇස්වලින් පෝලිමට කදුලු වැටුනා.. ජිමින් කම්මුල දිගේ බේරුන කදුලු පරිස්සමට පිහදැම්මා..

"බය වෙන්න එපා.. ඔයාට අමාරුද සෙනා??"

"හ්ම්ම්ම් ටිකක්"

එහෙම්ම ජිමින් නැගිටලා පෙති දෙකක් අරන් ආවා..

"මොනාද මේ??"

" painkillers"

කෙල්ල තිබ්බ අමාරුවටම ඒක බීලා ඇස් දෙක පියාගත්තේ ජිමින්ගේ අත තද කරගෙන.. ජිමින්ටත් හිතේ කොනක පොඩි දුකක් ඇති වුනේ නෑ කියන්නත් බෑ.. හැබැයි දැන් ජිමින් මේ කරන්නේ කෙල්ලව ශේප් කර ගන්න එක.. හෙට මිස්ටර් කිම්ට කෙල්ල මේවා කිව්වොත් ලොකු විනාසයක් වෙන නිසා.. ජිමින් කෙල්ලට නින්ද යනකන් ඔලුව අතගෑවා.. අමාරුවටම කෙල්ලට විනාඩි ගාණක් යද්දී ජිමින්ගේ තුරුලෙම නින්ද ගියා.. නොදැනුවත්වම ජිමින්ටත් එතනම නින්ද ගියා..

Half Husband Where stories live. Discover now