2. මී මින්නා..

1.5K 281 191
                                    

සාජන් යූ බින් ඇතුළු පිරිස ඉක්මනින් තිත්පොළෙ ඇතුලේ උන් සියල්ලෝ බේරාගෙන පිටතට පැමිණ නැවතත් මෙය විනාස කිරිමට පෙර මුළු තිත්පොළම සෝදිසි කලෙය.. තත්වය සාමකාමී වූවත් යීබෝ මෙහි නැත...

යීබෝ කවුරුන් දැයි දන්නා සාජන් තැති ගත්තේ ඔහුට කරදරයක් දැයි සිතායි...

" ආයීශ් යීබෝ කොහෙද.. යකෝ ඔක්කොම ආවා මූ නැත්තේ ඇයි..."

පිටතට රැගෙන ආ සමහර කොල්ලන්ට පහර දී තිබුනි... ඈතින් සියල්ලෝ රැගෙන යාමට හෙලිකොප්ටර් යානා පැමිණෙනු පෙනේ.. නමුත් පැමිණි එක් අයෙක්වත් දමා යා නොහැක... තිත්පොළ පිහිටි ස්තානයට ඉහලින් හෙලිකොප්ටර් යානා නවතා පහළට කඹ යෙදු අතර එයින් මුලින්ම හමුදා සෙබළුන් දෙදෙනෙක් නැග පසුව බේරාගන්නා වූ කොල්ලන් පිරිස බැගින් එක් එක් යානා වලට ගොඩ වූ පසු සියලු හමුදා සෙබලුන්ද කඹ ඔස්සේ ඉහළට නැග අතර හෙලිකොප්ටර් යානා තුනක් පිටවිය.....

සායන් ඇතුළු පිරිසක් සිටි හෙලිකොප්ටර් යානය තවමන් බලා සිටින්නේ යීබෝ පැමිණෙන තුරුයි.. ඔහු එන තෙක් තිත්පොළ විනාස කළ නොහැක... නමුත් ඇත්තේ තව විනාඩි කිහිපයකි... ඉන් පසු මේ තිත්පොළ සම්පූර්ණයෙන්ම දැවි අලුවී යයි...

විනාඩි කීපයකට පසු යීබෝ සීන්ව ඔසවාගෙනම පිටතට පැමිණෙන අයුරු දුටු සායන් ගෙ පමණක් නොව සිටි සෙබළුන්ගේද ඇස් පුදුමයෙන් විසල් විය...

" ඔහ්... කැප්ටන් දැක්කනම් පුදුම වෙලා මැරෙන්නේ අද..."

එකෙක් කෑ ගසද්දි සාජන් ඔහුටත් ඔරවා යීබෝට කෑ ගැසුවේය...

" යීබෝ ඉක්මනින් කඹේ එල්ලියන්..."

🦁 පිස්සුද මේ කොල්ලා මගේ අතේ...

" අතේ බැරිනම් කටේ එල්ලන් හරි නැගපන් මිනිහෝ තව විනාඩි තුනෙන් පුපුරනවා.. උබලට මැරෙන්න ආසයිද..."

සාජන්ගේ හඩට වැඩියෙන්ම බය උනේ යීබෝගේ කරේ එල්ලී සිටි සීන් ය .. ඉතින් ඔහු යීබෝගේ නිරුවත් බෙල්ලේ මූණ හොවා ගත්තේය..

🐰 අනේ ආමී අයියේ.. එල්ලෙමුකෝ.. මට බෑ ගිනි අරන් මැරෙන්න...

🦁 ම්ම්.. ම්ම්...පොඩ්ඩක් ඉන්නකෝ... සාජන් ඉක්මනින් බෙල්ට් එකක් දෙන්න...

❦α ℓ ω α у ѕ  м ι η є ❦  ✓🆈🅸🆉🅷🅰🅽 ✓Where stories live. Discover now