🍃 65 Chapter 🍃

548 89 40
                                    


      එයා හැමදාමත් වගේ මන් හින්නත් කලින් මට සමාව දෙනවා. දන්නවද යීබෝ. ගහලා බැනලා වැරැද්දකට දඩුවම් නොදී සමාව විතරක් දුන්නම ඒක ගොඩක් රිදෙනවා..

දන්නවද හැමදේටම මන් වැරදි බව දැන දැන මන් හිතන්නත් කලින් ඔයා මට සමාව දෙනවා... ඒක මට දරා ගන්න අමාරුයි බෝ බෝ...

කමක් නෑ ඒක තමා මට ලැබෙන ලොකුම දඩුවම.. මන් එක හැමදාටම මතක තියා ගන්නම්.. මන් දන්නවා මේ හැමදේම මගේ ඉවසීමක් නැතිකමයි අවිශ්වාසෙයි නිසා... ඒත් මන් දැන් දන්නවා.... බැදීමකට අවශ්‍යම දෙ තමා විශ්වාසය වගේම ඉවසීම.. ඉතින් ඒ දෙක නැති තැන බැදීමක් රදා පවතින්නෙ නෑ..

අපිට රිදුන තැන් තිබුනා. අපිට වැරදුනු තැනුත් තිබුනා. අපිට වටහා ගන්න බැරි තැනුත් තිබුනා වගේම තාමත් තියනවා.
අපේ ජීවිතේ ගෙවුන කාලෙ ආයෙම ගන්න් බෑ. ඒක ආයෙ එන්නෙත්නෑ. ඉතින් අපි අපේ අනාගතේ හැඩ කර ගනිමු. අපි අපේ ජීවිතවලින් බාගයක් දැනටත් ගෙවිලා ඉවරයි.. ආයෙ හැරෙන්න බෑනෙ .. අපි අපේ අනාගතේ හදාගමු. මන් පොරොන්දු වෙනවා ආයෙ ඔයාව රිදවන්නෙ නෑ කියලා..

මන් පොරොන්දු වෙන්නම්.. ආයේ ඔය තුරුලෙන් ඈත් වෙන්නෙ නෑ කියලා..

මන් පොරොන්දු වෙන්නම් මේ ආත්මෙම නෙමේ ලබන හෑම ආත්මෙකම ඔය අත ,ඔය වත වගේම ඔය හිත අතාරින්නෙ නෑ කියලා..

මන් ආදරෙයි... මන් ආදරෙයි මගේ යීබෝ.. වැන්ග් යීබෝ...

අන්තිමේදී මගේ වීනස් මගේම විතරයි..

      

                                           WXZ................

                          ....නිමි....

Once Again                               (Yizhan Short Story) CompletWhere stories live. Discover now