11.ඒකත් හරි......

741 200 50
                                    

ටේ නැගිටිනකොට එයාගේ ඔලුව වටේ බූතයෝ හයදෙනෙක් කට ඇරන් බලන් හිටියා.

" ටේ අනේ , ඔයාට මොකද උනේ "
හොසෙක් ඇස් ලොකු කරන් ටේ දිහා බලන් ඉන්නවා.

" ටේ ප්‍රෙග්නට්ද "
ජිමින් ටේගේ බඩට ඇන්නා.

" චිමි පිස්සු ද"
ජන්කුක් ජිමින්ගේ පස්ස හයියෙන් කෙනිත්තුවා.

" ඇයි අර ඩ්‍රාමා වල පෙන්නන්නේ ප්‍රෙග්නට් උනාම කලන්තේ දාන්නේ "
ජිමින් මූණ ඇබුල් කරන් ජන්කුක් දිහා බලන් ඉන්නවා.

" වෙන්න බෑනේ මං තාම ඇල්ලුවෙවත් නෑනේ"
යුන්ගි ටේ දිහා ඇස් හිනිකරන් බලනවා.

" මොංගල්ද යුන්ගි ටේ කොල්ලෙක් "
නම්ජුන් කෑගහන්න ගන්නකොට අතේ තිබ්බ විදුරුව ලිස්සෙන්න ගියත් ඉක්මනට තද කරලා අල්ල ගත්තා.

" කොල්ලෙක් වුනත් මොකෝ අපේ එකා කියුට්නේ "
ජින් ටේගේ කම්මුලක් අල්ලා තදකරන්න ගත්තා.

" අහකට වෙනවකෝ භූත රෑන "
ටේ නැගිටින ගමන් වටේට ඉන්න එවුන්ව තල්ලු කලා.

" මොකද උනේ "
යුන්ගි අහනකොට ටේ එකපාරම අඩන්න ගත්තා. යුන්ගි එකපාර ගැස්සිලා වටපිට බැලුවේ මුකුත් තෙරෙන්නෙ නැති නිසා.

" ආ.......... මට සතුටුයි....... යුන්ගි හියුන්ග් මට කැමතියි කිව්වා............. හී......... යුන්ගි හියුන්ග්ට මං ආදලෙයි.......... හියුන්ග් මට උම්මා එකක් දෙනෝද හැමදාම........."
ටේ අඩන ගමන් යුන්ගිගේ ඇගට පැන්නා.

යුන්ගිගේ කම්මුල් රතුවෙනකොට තමන්ගේ උකුල උඩ ඉන්න ටේගේ පිට අතගෑවා.

අනිත් අයත් සතුටින් ඉන්නකොට හොසෙක් කල්පනා කලේ එයත් එයාගේ බෝයිෆ්‍රේන්ඩ්ලා දෙන්නයි , ග්ර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා තුන්දෙනාගෙනුයි එක්කෙනෙක් තොරගෙන සත්‍ය ප්‍රේමයක් කරන්න ඕන කියලා.

හෝසෙක්ට ටිකක් අපහසු කාර්‍යක් වෙයි මොකද ඔය පස් දෙනාම හොසෙක්ට පිස්සු වැටිලා ඉන්නේ.

" මේ වැඩත් එක්ක මට බඩගිනි. "
ජන්කුක් බඩට ගහන ගමන් කුස්සියට ගියේ ෆ්‍රජ් එකේන් බනානා මිල්ක්ශේක් එකක් අරන් බොන්න.

ජන්කුක් ෆ්‍රිජ් එකේ දොර අරිනවත් එක්කම පුදුමයෙන් කෑගහන්න ගත්තා.

" හියුන්ග් ,................"
ජන්කුක් මොකද්ද එකකුත් උස්සගෙන ආයෙත් සභාව මැද්දට ඇවිත් කෑගහන ගමන් අර මොකද්ද එක වනන්න ගත්තා.

" හම්බුනා , හම්බුනා මගේ කොට කලිසම හම්බුනා.........."
ජන්කුක් උඩපනින ගමන් කියනකොට අනිත් අය ජන්කුක් දාගෙන වනන නිල්පාට රෙද්ද දිහා ජන්කුක් වනන වෙගෙට  ඔලුව වනන ගමන්  බැලුවා.

" කොහෙද ඕක තිබ්බේ "
ජිමින්ට දැන් මේ කෝලම එපා වෙලා තියෙන්නේ , ඉතින් එයා ඇස් රෝල් කරන ගමන් බැලුවා.

" ෆ්‍රිජ් එකේ "

" මොකේ "
ජින් ඇස් දෙකක නලලට අරන් කැගැහුවා.

" ෆ්‍රිජ් එකේ අනේ "

" කොහොමද ඕක ඒකට ගියේ "
කලිසම ඇවිදන් ගියාද කියලා කල්පනා කරන ගමන් ටේ ඇහුවා.

" ඊයේ මන් මගේ කලිසම හොදලා වෙලෙන්න දැම්මේ උදෙට අදින්න ඕන නිසා. මට ඒක ගන්න අමතක වුනා. ඊටපස්සේ මහ රෑ නිදි මරගාතේ ගිහින් කලිසම රැක් එකෙන් ගත්තා. ඊටපස්සේ තිබහක් ආවා වතුර බොන්න ගියා........ "

" ආ ඊටපස්සේ කුකී ජංගිය ෆ්‍රිජ් එකට දාලා බිපු වතුර බෝතලේ ක්ලොසෙට් එකට දැම්මා "
නම්ජුන් කියන කොට අනිත් අය හිනාව තදකරගත්තා.

කෝමහරි ජන්කුක් සුදුපාට මල් තියන නිල්පාට කලිසන් කොටේ හම්බුනා. ජන්කුක් තව කල්ප කාලයක් ඕක හෝද
හෝද අදියි. 😌

නිමි...........























Kishu :-)

රහස්පරීක්ශක වීමින්කුක් ☑️Where stories live. Discover now