~= අම්බර 10=~

366 70 43
                                    

'' සසධාර් !!!!!!!!!!!! නුඹගෙන් නම් නැහැ මා මෙවැන්නක් බලාපොරොත්තු වූයේ... ආ.. මෙසේ ද ජේෂ්ඨ සිසුවෙකු නවක සිසුවෙකුට ආදර්ශයක් වන්නේ ? ආාා.... කිමද ඔය මුව වැසී ගොසින්...ආ ?? පිළිතුරු දෙනු !!!!!  '' වායුෂ්විධ ඇදුරිදුගේ කෝපාන්විත බිරුසන් දීම රැස්වීම් අංගනය ඔස්සේ පැතිර ගියේ ය.

වාග්ෂසගේ මුහුණෙහි නම් ඇදී ගොස් තිබෙන්නේ උපහාසය හොදින්ම කැටිවුණු සන්තෘප්තිමත් සිනහවකි. ඉදින් පෙරදින වායුෂ්විධ ඇදුරිදු හදිසි කර්තව්‍යක් සදහා ආශ්‍රමයෙන් බැහැර වී ඇත්තේ සෙසු ඇදුරන් ද සමගිනි . නැවත පැමිණෙන වායුෂ්විධ මුනිගේ ඇස ගැටුණු ප්‍රථම දෙය නම් , ස්නාන අංගනය ඉදිරිපිට ශීතලෙන් වෙව්ලමින් ගිලන්ව සිටිනා සිය ආරාධිත සිටු පුත්‍රයාත් , ඔහුට අශෝභන විහිළු කරමින් සිනහ නගනා තමා මෙතෙක් කල් විනයභාරව කටයුතු කළ සිසු කැළත් ය. ඉදින් එතැකින් නොනැවතී මෙකී සියල්ල තමාගේ ඉදිරිපිට සිදුවද්දිත් කිසිවක් සිදු නොවූ ලෙස සිය සස පැටවා සුරතල් කරමින් සිටි තම ජේෂ්ඨ ගෝලයා දුටු විට නම් වායුෂ්විධ ඇදුරිදුගේ මුහුණෙහි වූයේ කහවණු දසදහසකට මිලට ගෙන තඹ සතේකට විකුණා දැමූවෙකුගේ මෙන් හැගීමකි. ඇරැත් ඒ සියල්ලම සසධාර් විසින් මෙහෙයවා තිබූ වගත් , ඔහු විසින් ආයුධානයන්ව ආශ්‍රම ද්වාරයෙන් පිටත රදවා තැබූ වගත් දැනගනිද්දි නම් වයෝවෘද්ධ වායුෂ්විධ ඇදුරිදුට  හෘදයාබාධයක් නොවැළදීම ද අරුමයකි..

'' පෙරදින රැයෙහි මාගේ අධිකාරියයි ආශ්‍රමය තුළ වූයේ..ඉදින් මා එය මා හට උවමනා ලෙස ක්‍රියාත්මක කළා...  '' සසධාර්ගේ අහංකාරය පිරි කටහඩ නැගුණේ සමස්ත රැස්වීම් ගර්භයම දෙදරවමිනි. ඉදින් එහි රැස්වූවන්ට නම් සසධාර්ගේ අහංකාරයෙහි විස්මයට කරුණක් නම් නොවූ සෙයකි.

'' සසධාර්.. !!!! '' වායුෂ්විධ ඇදුරිදු බිරුසන් දුන්නේ ය.

'' කිම ද ? '' වායුෂ්විධ ඇදුරිදුට දෙවෙනි නොවන මහ හඩින් සසධාර් විමසුවේ වාග්ෂස ද තිගස්වමිනි . ඇදුරිදුට වුව ඔහුගේ අහංකාරයේ නම් අඩුවක් නැති.

'' පිටවනු !!! මුළුතැන්ගෙයි රැදවුම්... '' වායුෂ්විධ ඇදුරු අණ කළේ ය.

'' දැලි වැකුණු විට වස්ත්‍රයන්ට ගෙවීම් කරන්නේ ද ? '' එවර ද සසධාර්ගේ නැගුණේ වයෝවෘද්ධ වායුෂ්විධ මුනිට හෘදයාබාධය වැළදීමට හැකි පැනයකි. ඔහු සිතාමතාම එය සිදු කරන්නේ ද නැති නම් එය ඔහුගේ අහංකාරය ද යනවග දැන් නම් වාග්ෂසට ද ගැටලුවකි. වායුෂ්විධ ඇදුරිදුගේ වැඩිමල් පුතු , භීවනාගු සිය පියාණන්ව සන්සුන් කරමින් කෝපයෙන් මුදවා ගනුද වාග්ෂස බලා සිටියේ ය. ඉදින් භීවනාගූ නොවූයේ නම් වයෝවෘද්ධ වායුෂ්විධ මුනි හෘදයාබාධයකින් මියයනු නිසැක ය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now