2nd Bullet

93 21 46
                                    

අම්මෝ කොල්ලා බය වෙලාද කොහෙද හිටියෙ. අර මල් පෝච්චිය තුරුලු කරන් හිටපු විදිහ මතක් වෙද්දි මට තාම හිනා. මොනා උනත් පොඩි එකෙක් වගෙ අනේ. මාරම හුරතල්. අල්ලලා මිරිකන්න හිතෙනවා.

මම මනෝ පාරක් ගහගෙන තනියම හිනාවෙවී උදේට කන්න කෑම හැදුවා. ඇත්තම කිව්වොත් මම ටිකක් කලබල වෙලා හිටියෙ. මේ ගෙදරට අමුත්තෙක් ආපු පලවෙනි වතාව. ඒකත් කොල්ලෙක්. ඒ මදිවට ඒ Namjoon. මම හදන කෑම කාලා ඒ කොල්ලට මොනා හරි උනොත්?

ඊයේ රෑම මම කලේ You tube එකේ අමුත්තන්ට සලකන විදිහයි කෑම හදන විදිහයි බැලුව එක. අනේ මන්දා නිකම් පිස්සු වගේ. Aishhhhh....!

අමාරුවෙන් කෑම ටික හදලා මම ඉස්සරහට අරගෙන ගියා. මාව නිකම් වෙව්ලනවා වගේ. tray එක මේසෙ උඩින් තියලා මම Namjoon දිහා බලලා කන්න එන්න කිව්වා. මේ මනුස්සයා මේසෙන් වාඩි වුනාට කෑම කන්නෙ නැතුව මන් දිහා බලන් ඉන්නවා. මොනා වෙලාද මෙයාට?

"මාව නෙමෙයි කන්න තියෙන්නෙ ඔය plate එකේ තියන එක"

මම එහෙම කිව්වාම හයියෙන් හිනා වෙලා එයා කන්න පටන් ගත්තා.

අනේ මාරම cute අෆ්ෆා..... පව් බඩගින්නෙද කොහෙද ඉදලා තියෙන්නෙ. කෑම එක ගිලගෙන ගිලගෙන යනවා. හැබැයි කන විදිහ දැක්කනම් පෙරේතයොත් බත් කන්නේ නෑ.

යකෙක් වගේ කන විදිහ දැකලා මම පුදුම අමාරැවෙන් හිනාව තද කරගෙන හිටියෙ. හිනාව හිරවෙලා මගෙ කම්මුල් දෙක පිපිරෙන්න වගේ. බෑ බෑ හිනා වෙන්න බෑ. මන් හිනා උනොත් oppa මොනා හිතයිද? බිම බලාගෙන මම කන්න පටන් ගත්තා. විනාඩි 5කට විතර පස්සෙ එයා මට කතා කලා. අනේ එයාගෙ voice එක..... මම පලවෙනි වතාවට මගෙ කනින්ම එයාගෙ voice එක ඇහුවා. මට නැගිටලා පිනුම් ගහන්න තරම් සතුටයි....

"මිස් ට ගොඩක් Thank you මාව මෙහෙට ගෙනාවට වගේම තියාගත්තට. කෑමත් ගොඩක් රසයි හොදේ"

මොකක් මගේ කෑම රහයි කිව්වා? Wowwww එකනම් ආශ්චර්යයක්..

"ඕක මොකක්ද Mr. Namjoon, welcome එවගේම Thank you මගේ කෑම රහයි කිව්වට.." මම කිව්වෙ හිනා වෙලා.

එයා ලස්සන dimple හිනාවක් දාලා ආයෙමත් කතා කරන්න ගත්තා.

"මට මිස්ට කියන්න එපා. Namjoon, Joon නැත්තම් Oppa කියන්න"

•|COME BACK|•Where stories live. Discover now