|05|

52 13 0
                                    

AGAIN 05

"කුමරියනී..අවදි වන්න...ඔබතුමිය ප්‍රමාදයි"

මම නැගිට්ටවුනේ බෙරිහන් දෙන සද්දයක් ඇහුනු නිසා...

"බුදු අම්මෝ"

එකපාරට මූනට එබිල ඉන්න චෝයි පාලිකාව දැක්කම මට දෙලෝ රත්වුනා....
මම පපුවත් අල්ලගෙන ඔලුවත් කහ කහ නැගිට්ටා...

"ඔයා මාව බය කරා "

මම කිව්වම පාලිකාව සමාව ඉල්ලන බැල්මට් එකක් දැම්මා..

"ආහ් හරි හරි කමක් නෑ...ඇයි දැන් නැගිට්ටෙව්වේ..නිදි මතයි මට😴"

"කුමරියනී..අද මාලිගාවට යා යුතුයි"

අම්මට සිරි..දැන්නෙ මීටර් වුනේ...

"ආශ්..අමතක වුනා...ඉක්මනට ලෑස්ති වෙමු"

ඉක්මනට ඇඟපත හෝදගෙන මට වෙන් කරල තිබුනු ඇඳුමට මාරු වුනු මම වාඩිවුනේ පාලිකාවයි සේවිකාවකුයි මගේ කොන්ඩෙ හදන්න ගත්තු නිසා වගේම තවත් කෙනෙක් මට මේකප් දාන්න ගත්තු නිසා...

"ආඅ..අදින්න එපා හිමින් අනේ "

කොන්ඩෙ හදන විදිය රිදෙන නිසාම මම මූනත් ඤොරොක් කරන් එහෙම කිව්වම හිමීට හදන්න ගත්තා....

මාව ලෑස්ති කරලා පාලිකාව මට කන්නාඩියක් දික් කරේ බලන්න කියන්න වගේ...

"වා...ඊයෙටත් වඩා ලස්සනයි"

ඇත්තටම මට හිතාගන්න බැරි වුනා මේ ඉන්නෙ මමමද කියලා..ඒ තරමට මම ලස්සනයි...

"ඔබතුමිය කොහොමත් ලස්සනයි කුමරියනී..අන් කිසිවෙකුටත් වඩා ඔබතුමිය සුන්දරයි"

"හී...බටර් එපා ඉතින්...යමු ඒනම්"

මම එහෙම කියලා නැගිටලා කුටියෙන් එලියට ගියා....

මම එලියට එද්දිත් දෝලාව ලෑස්ති කරලයි තිබුනේ..

ආයිශ් ආයෙත් මේ මගුලෙ යන්න ඕනෙද...ආහ්හ්.මම රැජින වුනාම නීතියක් දානවා දෝලා තහනම් කියලා..ඇයි අප්පා...😒

"දිවනිය ඔබ ඉතා සුන්දරයි .."

අප්පා ඇවිත් මට කියද්දි මම හිනාවුනා...

"තැන්ක් යූ අප්පා..අප්පත් ලස්සනයි"

"තැන්ක් යූ කිව්වෙ..."

AGAIN [ongoing ]Where stories live. Discover now