2

173 87 4
                                    

උදැසනම ජනෙල් කවුළු අතරින්  ආපු ඉර එලිය ජන්කුක්ගෙ මූනට වැටෙනකොට ජන්කුක් ටික ටික ඇස් ඇරියා.ජිමින් තවමත් හිටියේ ජන්කුක්ගෙ කෙස් අතරින් රාටා මවන ගමන්. ටික ටික ඇස් ඇරපු ජන්කුක් වට පිට බැලුවේ මොකක්දෝ හුරු බවක් දැනුනු නිසා. පඩිපෙලේ අත් වැටට වාරු උනූ ජන්කුක් හෙමිට නැගිටලා ගියේ ජන්කුක්ගෙ කාමරේට ජන්කුක් කමාරේට යන අතරේ ජන්කුක්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවේ ජිමින් හොරින් හොරින් එබී එබී ජන්කුක්ගෙ කෝල් එකට කන් යොමන අතරේ.කලින් දවසේ රෑ ජන්කුක් ගාවින් වාඩි වෙනකොට බිමින් තිබුණු කපුරු මල් ටික අයෙමත් අතට ගන්නකොට ජිමින්ට කපුරු මල් වල වෙනසක් දැනුනා.. පිපිලා තිබුණු සුදූ පාට කපුරු මලේ පාට යාන්තමින් අඩු වෙලා කියලා ජිමින්ට තේරුනා.. ජිමින් ජන්කුක්ගෙ කාමරේ යනකොට ජන්කුක් තුවායක් ගැට ඇගේ දවටගෙන හිටියේ ෆෝන් එක කනේ ගහගෙනමයි.හෙමිට ජන්කුක් ළගට ගිය ජිමින්  වතුර බේරෙන සරාගි පිට පුරා අත් ගෙනිච්චේ ජන්කුක් කලබලෙන් වගේ වට පිට බලද්දී..

"හරි බබා මම ඉක්මනට එන්නම්."

ජන්කුක් එහෙම කියන ගමන් ෆෝන් එක කන්නාඩි මේසේ උඩින් තියලා අතේ තිබුණු  මගුල් මුද්ද ගලවන්න උත්සාහ කරත් මුද්ද ඇගිල්ලෙන් පිටට හෙළවුනේවත් නෑ.. ජන්කුක් පුළුවන් උපරිම ශක්තිය දලා මුද්ද ඇදපු පාර මුද්ද විසික් වෙලා  ජිමින් කකුල් දෙක ළගට වැටුනා..

ජිමින්ගෙ ඇස් වල කදුළු පිරිලා ජන්කුක් ජිමින් නීතියෙන්ම එයලගේ වෙන දවසේ ආදරෙන් දාපු මගුල් මුද්ද ඒ විදියට ගලෝලා දැම්මම දුක නොහිතෙයිද.. ජිමින්ගෙ ඇස් වලින් කදුළු වැටෙනවා. ජිමින් කපුරු මල් මීටත් අතේ ගුලි කරගෙන අඩනවා..බිමට පාත් වෙලා මුද්ද අහුල ගන්නකොට මගුල් මුද්ද උඩට වැටුන ජිමින්ගෙ කදුළු දිහා බලපු ජන්කුක් මුද්ද අතට අරගෙන කබඩ් එකෙ පුංචි ලොකර් එකක්‌ ඇතුලට දලා කොන්ඩේ හොදට පිහා ගත්තේ මුද්ද උඩට වැටුනේ කොන්ඩේ වැටුණු වතුර බින්දු කියලා හිතලා..

"එහෙම නෑ කූ
ඒ මගේ කදුළු
ඔයා මගේ කදුළු වලට පොඩ්ඩක්වත් ආස කරේ නෑ.
ඔයා මගේ කදුළු වලට නම තිබ්මේ දියමන්ති කියලා
මගේ කදුළු ඒ.."

ජිමින් එයාගේ පුංචි අත් වලින් කන් දෙක තද කරලා වහ ගන්න ගමන් ජන්කුක්ගේ ඇදේ ගුලි වෙලා කෑ ගහලා ඇඩුවා.

ඒත් ඒ දුක කාටවත් ඇහෙන්නේ නෑ..

"ඔයා කොහොමද  එහෙම කරන්නේ කූ..අපේ මගුල් මුද්ද අයින් කරන්න තරම් මම කරපු වරද මොකක්ද..මට මැරෙන්න ඕනි උනේ නෑ.. මට ඔයාව තනි කරන්න ඕනි උනේ නෑ..

ජිමින් තව තවත් ඇදේ වකුටු වෙන ගමන් කෑ ගහලා අඩනකොට මුළු ගේ පුරාම මුසල කමක් පැතිරුනා.

ඒ අතරේ කපුරු මල් මිට පාට තවත් ටිකක් වෙනස් උනා..

ඒ අතරේ ජන්කුක් පිලිවලට ඇදගෙන කාමරේන් එලියට ගියා.

𝚙𝚞𝚛𝚙𝚕𝚎 𝚏𝚕𝚘𝚠𝚎𝚛✨️||Completed||Where stories live. Discover now