🥀ආදර හිඟන්නා🥀

121 35 16
                                    

"අපි ඩිවෝස් වෙමු අශාන්"

කුමුදුනී එහෙම කියද්දී අශාන්ගේ දෑස් කදුලින් පිරුණේ හදවත වේදනාවෙන් පුපුරද්දී.

_____________________________________________

💖ආදර හිඟන්නා💖

කුමුදුනී සහ අශාන් කියලා කියන්නේ, ආදර සම්බන්ධයක් නිසා විවාහ ජීවිතයට ඇතුලත් වුණ දෙන්නෙක්. කුමුදුනී කියලා කියන්නේ ගෘහණියක් වෙන එක තමන්ගේ හීනය කරගත්ත තරුණියක්. ඇයට ඕනේ වුණේ සුන්දර බිරිඳක් වෙන්න, තමන්ගේ දරුවන්ට හොද අම්මා කෙනෙක් වෙන්න. ප්‍රීතිමත් පවුලක් එක්ක ජීවිතය ගෙවන්න. මොකද කිව්වොත් කුමුදුනී කියලා කියන්නේ පොඩි කාලේ ඉදන්ම ආදරය කියන දේ නොලබපු කෙනෙක්. තමන්ගේ අම්මා, තාත්තා, සහෝදර, සහෝදරියන් කිසිම කෙනෙක්ගෙන් කුමුදුනීට හිත පිරෙන්න ආදරය ලැබුණේ නැහැ. ඉතින් අන්න ඒ නිසායි කුමුදුනී අශාන්ගෙන් ලැබුණු ඒ ආදරයට ගොඩක් ම ලෝභ වුණේ.

අශාන් කියලා කියන්නේ කුමුදුනීගේ ජීවිතයේ අනික් පැත්ත කියලා කිව්වොත් හරියට හරි. පවුලේ එකම දරුවා නිසා අශාන්ට අම්මාගෙන්, තාත්තාගෙන්, නැන්දලා, මාමලාගෙන් එකී මේකී නොකී හැම නෑදෑයෙක්ගෙන්ම ලැබුණේ පුදුමාකාර ආදරයක්. හැබැයි ඉතින් අශාන් ඒ ආදරය ලබන්නත් සුදුසුවුණා. අශාන්ට අනුව ආදරය කියලා කියන්නේ ලබන්න අමාරු දෙයක් නෙවේ. එයාට ඒක හැමවෙලේම වගේ කොහොමත් ලැබෙන දෙයක්.

ඉතින් අශාන්නුයි, කුමුදුනීයි මුණගැහුණේ හරිම අහම්බෙන්. ඒ අශාන් තමන්ගේ ගැණුම්කරුවෙක්ගේ ගෙදරට යද්දී කුමුදුනීගේ ගෙදරට ඇඩ්‍රස් එක වැරදිලා ඇවිල්ලා. ඉතින් එදා වැරදුනු ඒ ගමන තමයි අශාන්ගේ ජීවිතේට වගේම කුමුදුනීගේ ජීවිතේට ආදරයේ සුවද අරගෙන ආවේ. ඉතින් මේ දෙන්නාගේ ආදරයට ලොකු ලොකු බාදා කම්කටොළු තිබුණෙත් නැති තරම්. අන්තිමේ අවුරුදු තුනක ආදර කතාවට පස්සේ අශාන් කුමුදුනී යුග දිවියට ඇතුළුවුණේ පවුලේ හැමදෙනාගෙම වගේ ආශිර්වාදයෙන්.

විවාහ ජීවිතයේ මුල් කාලය සුරංගනා කතාවල තියෙන ඒ ලස්සන රස එක්ක මිරිකෙද්දී, කුමුදුනී ගොඩක් සතුටුවුණේ තමන්ගේ සිහිනය හැබෑ වුණා කියලා. කුමුදුනීට ඕනේ වුණ විදිහේ ආදරණීය ජීවිතයක් එයාට ලැබුණා. කුමුදුනීගේ ජීවිතේට වෙන කිසිම දවසක නොලැබුණු තරම් ආදරයක් අශාන්ගෙන් නොලැබුණා කිව්වොත් ඒක බොරුවක්.

ආදර හිඟන්නා ✓Where stories live. Discover now