🍪1

1.1K 199 8
                                    

නගරය මැද පුංචි අවන්හල තරමක් කලබලකාරි. ජිමින් තමන්ගේ පුංචි අත් කකුල් හරි හයියෙන් එහෙමෙහෙ කරමින් පාරිභෝගිකයන් වෙත යනවා.

දොර ලග එල්ලා තිබුනු සිනූව සිලිං ගානකොට ජන්කුක් අවන්හලතුලට හිස දැම්මා.

ජිමින් මං ආවා.

ඉක්මනට එන්න ජන්කුක් , තව ඇනවුම් කිහිපයක්ම තියනවා.

හරි
ජන්කුක් ඉක්මනට ජිමින් ලගට දුවන් ආවා.

ජන්කුක් මේ බලන්න , මේක තුන්වෙනි පටුමග හතරවෙනි ගෙදරට.

එතකොට මේක තැපැල් කාර්යාලයට

මේක ඉස්සරහා තියන ගෙදරට

ජිමින් හරි ඉක්මනින් කියාගෙන කියාගෙන ගියා ජන්කුක් හැමදේම ඔලුවට ගන්න උත්සහ කලා.

ඊටපස්සේ ජිමින් ජන්කුක් අතට පාර්සල් තුන දිලා එලියට යැව්වා. ඇනුවුම් බාරදෙනකොටම මුදල් ගෙවලා තිබුනනිසා ජන්කුක්ට තිබ්බේ පාර්සලය බෙදන්න විතරයි.

ජන්කුක් එයාගේ පුංචි බයිසිකලේ උඩ නැගලා රූං...... ගාලා පිටත්වුනා.

ටිකකින් සෙනග චුට්ට චුට්ට අඩුවුනේ රෑවෙන්න ළග නිසා.

ජන්කුක්ත් ආයේ අවන්හලට ඇවිත් තිබුනා.

" ට්‍රීං........ට්‍රීං.............. "
මේසය උඩ තිබ්බ ස්ථාවර දුරකතනය උඩ පනින්න ගත්තා. ජිමින් රිසිවරය කනින් තියා ගත්තා.

ඔහ්............ඇත්තද ස්තූතියි........
ජිමින් ඔලුව වනනවා.

අයියෝ , ජන්කුක් ඔයා ඔක්කොම පටලවන් කෝල් එක පොලිසියෙන් , එයාලා කියනවා ඩෝනට් රසයිලූ.
ඊටකලින් මට කෝල් එකක් ආවා තැපැල් කාර්යාලයෙන් ඒයාලා මට දොස් කිව්වා එයාලගේ ඩෝන්ට් පාර්සලය ආවේ නෑ කියලා.

ඊටපස්සේ තුන්වෙනි පටුමග නිවසේ එක්කෙනා මට කෝල් කරලා කිව්වා. එයාට මිරිස් කැවුනා කියලා.
එයා මගෙන් අහනවා ඔයාලා චීස් වලට කියන්නේ චිලී කියලද කියලා.

එතකොට ඉස්සරහ ගෙදර කෙනා මට කියනවා. කිව්වතරන් කෝන්ඩෝග් සැරනෑ කියලා.

ජිමින් මූණ ඇඹුල් කරගත්තා.

අනේ සොරි ජිමින්
ජන්කුක් ජිමින්ගේ අත අල්ලගත්තා.

මං දන්නවා හනී.......ඔයා මේදවස් ටිකේ ගොඩාරියක් මහන්සි වුනා. අපි ඒක අමතක කරමු. හෙට සෙනසුරාදා නිසා නිවාඩුවක් ගමු.

ඔයත් ගොඩක් මහන්සි වුනා . මං හිතන්නේ ඒක තමා හොදම.

ඔන්න ඔය විදියට ජන්කුක් හා ජිමින්ගේ කලබලකාරි දිනය මග අරින්න පුංචි පික්නික් එකක් යන්න තීරණය කලා.














චෙක් 01.

Chocolate cookie

Magic C🍪🍪kieTahanan ng mga kuwento. Tumuklas ngayon