𝚃𝚘 𝙼𝚢 𝙳𝚒𝚊𝚛𝚢 🌌❄️

337 49 52
                                    

Author's pov:

දවසේ අවසානය සනිටුහන් කරමින් ලා තැඹිලි වර්ණයෙන් අහස අලංකාර වී තිබුණේය..රිදුම් දෙන හැඟීම් මැද්දෙන් ඇය තම කාමරයේ සඳලුතලයට පැමිණියේ දවසේ ඈ ප්‍රිය කරන මොහොත ගත කිරීමට ය. තම දෑතින්ම සැකසූ කෝපි කෝප්පය පසෙකින් තැබූ ඇය එහි තිබූ කුඩා බංකුවෙන් වාඩු උනේ සිතේ තිබෙන හැඟීම් වචන කිරීමටයි.

තම සිතැඟි පරිදි ඇය ඇගෙ දින පොතේ වචන ගැළපුවා ය..සාමන්‍ය මිනිසුන් මෙන් නොව,ඇය තම දින පොත ලියන්නෙ ගොම්මන් යාමයේ සූර්යයා ගිල ගන්නට මාන බලන මහා සාගරය දෙස දෑස් හෙලමිනි.....

හිරු අවරට ගොස් මිනිත්තු කිහිපයක් ගත වන තෙක් ඇය දිනපොත ලිව්වාය...ඇගේ දිවියේ විශේෂ දවසෙ ඇය ඇගේ අතීතය දින පොතේ සනිටුහන් කලා..

Jung Neha's pov:

To my diary..

at 6.30p.m

ජීවිතය කෙතරම් පුදුමාකාරයි ද? හිතට එකඟව ඒ ප්‍රශ්නය ඇහුවත් උත්තරයක් දෙන්නවත් කෙනෙක් මන් ලඟ නෑ..මන් තනිවෙලා..මෙ තනිකම මට දැන් පුරුදුයි..මේ ධෛවය විසින් මට උරුම ජීවිතය වෙන්න ඇති..ධෛවය විසින් ආදරය,සතුට,නිදහස,විනෝදය විදින්න ඉඩ දීලා නෑ මට...

නමට විතරක් විශාල දේපලක උරුමක්කාරියක් උනත් මාව ඒ ගොල්ලන්නට තවත් වැඩකාරියක් විතරයි..ඒ දෙන්නට මන් මගේම අයට වගෙ සැලකුවට මට ලැබුණෙ වේදනාව විතරයි...

මගෙ 'ඔම්මා,අප්පා'.. එයාලා මාව ගත්තු ඔම්මායි අප්පයි..ඒ දෙන්නගෙන් මන් මව්පිය සෙනෙහස බලාපොරොත්තු උනත් මට ඒ ආදරය ලැබුනෙ නෑ...ඒ ගොල්ලන්ට මාව නිකන්ම නිකන් අනාතයෙක්,හිඟන්නියක් විතරයි...

අවු.15 කට පෙර ඒ දවසෙ මන් හිතුවෙ මේ ලෝකෙ වාසනාවන්තම කෙල්ල මම කියලා..මොකද පුංචි කාලෙ ඉදන් මන් හොයපු ඒ ඔම්මගෙයි අප්පගෙයි සෙනෙහස ලැබෙන්න යන නිසා...park එකේ ඔම්මගෙයි අප්පගෙයි අත් අතර මැදි වෙලා ඇවිදින්න මගෙ පුංචි හිතත් ආස කලා...ඒත් ඒ කිසි දෙයක් ලබන්න තරන් මන් පින් කරලා නෑ කියලා මට තේරුම් ගියේ මන් අලුත් ගෙදරට ඇවිත් මාස තුනක් ගත වුනාටත් පස්සෙ..

මව් පිය සෙනෙහස හොයපු මට දෙවියන් විසින් දෙමව්පියො ලබා දුන්නට මගේම අවාසනාවට ඒ දෙන්නගෙන් ආදරෙ ලබන්න මට බැරි උනා...මුල් කාලයේ මට කරුණාවන්ත උනත් අන්තිමට එයාලගෙ වහලෙක් වෙන්න සිද්ද උනා..

𝚃𝚘 𝙼𝚢 𝙳𝚒𝚊𝚛𝚢 🌌❄️(One Short)Where stories live. Discover now