chapter 23

734 160 22
                                    

🌹සේරි
🦋 රූහි
🍂 යොන්ජුන්
🌿 යුන්හි
🐥 ජිමින්
🦄 හෝසියෝක්
🐧 ජේක්
🐹 ජින්
🐨 නම්ජුන්
🐯 ටේ
🐰 ජන්කුක් / JK
✒️ ප්‍රින්සිපල් සර්

අමතක උනොත් කියලා දැම්මේ 😁😁😁

..............................................................................................

හැමෝම ඇතුලේ පාර්ටි එකේ සතුටු වෙන අතරේ ක්ලචර්ස් වල ආධාරයෙන් ගාර්ඩ්න් එකට ආව හෝසියෝක් දැක්කේ බෙන්ච් එකක වාඩි වෙලා හිනා වෙවී අහස දිහා බලන් ඉන්න සේරිව...

සේරි කොච්චර ලස්සන ද කියනවා නම් සේරි දිහා කෙනෙක්ට කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ...කිරි පාට හම,දිග ඇහි පිහාටු, හිනා වෙනකොට වල ගැහෙන කම්මුල්, පීච් වගේ රතු තොල්, පිරුණු පපුව, පලල් උකුල දශමයක් නෑරම අංග සම්පූර්ණ සිරුර තියෙන සේරිට කෙනෙක්ව වශී කරගන්න මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ..

හිමීට නොන්ඩි ගගා හෝසියෝක් ඇවිල්ලා සේරි වාඩි වෙලා ඉන්න බෙන්ච් එකෙන් අයිනෙන් වාඩි උනා..
එකපාරටම කෙනෙක් ඇවිල්ලා වාඩි උනාම සේරි බය වෙලා බලලා ඒ හෝසියෝක් නිසා යන්න නැගිට්ටා.

🦄 සේරි කොහෙද යන්නේ ??

🌹 ම...මන් මේ..
රූහි හොයනවා ඇති මාව...
හෝසියෝක්ශි මෙතන ඉන්න..
මන් ගිහින් බලලා එන්නම්..

සේරි යන්න හදනකොට හෝසියෝක් කෙල්ලව එකපාරටම ඇදලා අරන් ආයි බෙන්ච් එකේ වාඩි කෙරෙව්වා.

🦄 ඔහොම ටිකක් ඉන්න..
සේරි ඔයා මාව මගහරිනවාද ??

🌹 අ..අනි

🦄 එහෙනම් ඇයි මන් ආපු ගමන් යන්නේ ??

🌹 ආහ් මේහ් රූහි අඩගහනවා ඇහුනා..ඒකයි..

🦄 ඔයා දන්නවාද ඔයා බොරු කියනකොට ඔයාගේ කන් රතු වෙනවා..

හෝසියෝක් හිනා වෙවී කිව්වාම කෙල්ල ඒකට පුදුම වෙලා ඉක්මනට කන් දෙක අත් වලින් වහගත්තා.
කෙල්ලගේ මේ හුරතල් වැඩේට හිනා යන්න ආවත් හිනා නොවී බැරෑරුම් මුනක් හදාගත්තේ තවත් තමන්ගේ හිතේ තියෙන හැගීම් හිත ඇතුලේ තියන් ඉන්න පුලුවන් කමක් නැති නිසා..

🦄 සේරි...මන් කියන දේ අහගෙන ඉන්න පුලුවන්ද ??

🌹 ආහ්...ද්...දේ හෝසියෝක්ශි

 Mafia Daddy | JH || Completed ✔️✔️Where stories live. Discover now