Chapter 29

291 44 2
                                    

jimin pov

"අහ්....මටනම් තව දුර ඇවිදන් යන්න බෑ.."

ටේටේ මගේ අත ඇතෑරලා ඉනට අත්දෙක තියාගෙන කිව්වා...

"අහ් ටේටේ ඔයාට එක්සසයිස් ඕනී.."

"අදට ඇති චිමී...මට මහන්සි තව අඩියක්වත් හෙල්ලෙන්න බෑ..."

"හ්ම්...එහෙනම් අපි ගිහින් වාඩිවෙලා ඉමු.."

"හා යමූ....ඒයි චිමී වැටෙයි...."

"ඇයි දැන් අඩියක්වත් හෙල්ලෙන්න බෑ කිව්වේ..මෙහෙම යමු.."

මන් ටේටේව හරහට උස්සගන්න ගමන් කිව්වා..

"මාව බිමින් තියන්න මන් ගොඩක් බර ඇතී..."

"වැඩිය බර නෑ තෙමිච්ච පුලුන් කොට්ටයක් වගේ විතරයි බර..."

එහෙම කිව්වාම ටේටේ හෙමීට මගේ උරහිස හැපුවා..

මන් ටේටේවත් අරන් බෙන්ච් එකක් තීන තැනකට ගියා

ටේටේගේ බන්ඩි ගෙඩියට දැන් මාස නමයක්නේ..එයාට බිම ඉදගත්තොත් නැගිටගන්න බෑ..

"සෙනග නැති නිසා බීච් එක හරි ලස්සනයි නේද..."

"ඔව් හරිම නිදහසක් දැනෙනවා.."

ටේටේ බබා බඩට ආවට පස්සේ ගොඩාරියක් ලස්සන උනා..එයාගේ කම්මුල් පිරිලා පිං පාටක් ගත්තා..

එයාගේ හම තිබුනටත් වඩා පාට වෙලා හුරතල් කමක් එක්ක අමුතුම ලස්සනක් ආවා...

එයා එන්න එන්නම ලස්සන වෙද්දි ඇස්වහ කටවහ වදී කියලා බය හිතුන නිසා එයාව සෙනග ගැවසෙන තැන් වලට එක්ක යන එක නතර කරා..

එයාගේ ලොකු බන්ඩියත් එක්ක ටේටේට ඇදුම් මදි වෙද්දි ත්‍රිබල් එක්සෙල් තමා අදින්න උනේ..

ටේටේ ඉන්නේ පුදුම සතුටකින් එයා විතරක් නෙමේ මන් හියුන්ග්ලා කුකීලා අපි ඔක්කොම අපේ බබා වෙනුවෙන් සතුටින් බලන් ඉන්නවා...

ටේටේ මේ කාලේ පුරාවටම කලාත්මක වැඩ වලට එයාගේ අවදානය දුන්නා..

ඒ වගෙම එයා පොත්පත් කියවන එක වැඩි කලා..

එයා කියනවා බබා බඩේ ඉන්න කාලේ ඒවා කරාම බබා ඉපදුනාට පස්සෙ ඒ දේවල් වලට දක්ෂ වෙනවලු..

MY EVERYTHING IS YOUWhere stories live. Discover now