° 5 °

938 230 0
                                    

Next Day

උදේ පන්තියට ගියන් පස්සෙ මුලින්ම හම්බුනේ යොන්ජුන් ව.එයත් එක්ක කයියක් දාගෙන කොරිඩෝ එකේ ඇවිදගෙන යද්දි ටේහ්‍යුන් ව හම්බුනා.

" අද ඉස්කෝලේන් පස්සෙ library එකට එන්න."

යොන්ජුන් ට ඇහෙන්නැති වෙන්න මගේ කනට කොදුරලා ඇහැකුත් ගහලා ටේහ්‍යුන්  අනිත් පැත්තට යන්න ගියා.

" ඒ මේ ජන්ග්කුක් කවදා ඉදලා ද ටේහ්‍යුන්ට මෙච්චර ලං වුනේ."

යොන්ජුන් මගෙ දිහාට පරික්ශාකාරි බැල්මක් දාලා ඇහුවාම මට කට උත්තර නැති උනා.

" මෙ ...මෙ...මෙ ...අන්න සර් ආවා ඉක්මනට පන්තියට යන් නැත්නම් බැනුම් අහන්න වෙයි."

" මං ඔයා ගැන අවධානයෙන් ඉන්නෙ හොදට මතක තියා ගන්නවා ජන්ග්කුක්."

යොන්ජුන්  ඒ කිව්ව විදිහට මට විතරක් නෙමෙයි එයාටත් හොදටම හිනා ගියා.

" හරි සර් මං මතක තියාගන්නම්."

වෙලාවත් ටිකෙන් ටික ගත වෙලා ඉස්කෝලේ ඇරෙන වෙලාවත් ලං උනා.මාත් library එකට යන්න ලෑස්ති උනා.මං library එකට යනකොටත් ටේහ්‍යුන් හිටියේ පුටුවක වාඩිවෙලා පොතකට මූන ඔබාගෙන.

" වෙලාවට එන්න දන්නැද්ද හරියටම විනාඩි පහලවක් පරක්කුයි."

Library එකට අඩිය තියන්නත් කලින් ටේහ්‍යුන් මට කෑගහන්න පටන් ගත්තා.

" අහ් ඉතින් ඔයා මට වෙලාවක් කිව්වෙ නෑ නේ."

" ඇයි මං කිව්වෙ ඉස්කෝලේ ඇරුන ගාම්ම එන්න කියලා."

" ඉස්කෝලේ ඇරුන ගාම්ම එන්න ඔයා හිතන් ඉන්නෙ මං ජෙට් එකක් කියලා ද."

" පන්තියේ  ඉදලා හරියටම විනාඩි පහක් වත් යන්නෑ library එකට එන්න."

" මේ මනුස්සයා ඒකත් බලලා ද."

" මට කිව්ව එක ඇහුනා."

" මොලේ වැඩි උනාම කන් ඇහෙනවත් වැඩි වෙනවා ඇති."

" ඔයා හිතින් හිතන්න ඕනෙ දේවල් කටින් කිව්වාම ඕන කෙනෙක් ට ඇහෙනවා."

" ඇ මං මෙච්චර වෙලා ඔක්කොම කටින් ද කිව්වේ."

" ඇතුලට එන්න අදහසක් නැද්ද අද."

මෙච්චර වෙලා මං හිටියේ එලියෙද.උන ලැජ්ජාවට මොකුත්ම නොකියා ඇතුලෙන් ගිහින් ඉදගත්තා.

#TO BE CONTINUE

My Teacher ♡ Taekook ♡ 🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now