Chapter 1 🍁

812 150 55
                                    

"ජිමින්... ඔහොම නවතින්න ජිමින්..."

"එපා ජන්ග්කුක්.. මට යන්න දෙන්න. මං යන්න ඕනෙ"

"ජිමින් ප්ලීස් මං කියන දේ අහ්-ජිමින්..."

ජන්ග්කුක් තව මොනවත් කියන්නත් කලින් එයා අල්ලන් හිටිය තමන්ගෙ අත ඇදලා අරන් ජිමින් වේගෙන් යන්න ගියේ අහල පහල හිටිය ළමයි මේ සේරම දිහා  බලන් ඉද්දි. ඒත් ජිමින්ටවත්, එයාගෙ ඇස් වලින් නිමක් නැතුව කඩන් හැලෙන කඳුළු කැට වලටවත් ඒ ගැන තැකීමක් තිබුනෙ නෑ

ඒත් ඒ ඇස් අතරෙ එයා දිහා පුදුම වේදනාවකින් බලන් හිටිය ඇස් දෙකකුත් තිබුන වග ජිමින් දැනන් හිටියෙ නෑ. එයා යන්න ගියේ ඒ ඇස් වල අයිතිකාරයගෙ උරහිසකත් හැප්පිලා. ඒත් ජිමින්ට ආපිට සමාවෙන්න කියන්නවත් හරි හැටි සිහියක් තිබුනෙ නෑ

එයා දිව්වා. දිගටම දිව්වා... ඒ සේරම ඇස් වලට පේනමානයෙන් ඈතටම දිව්වා

"එයා හැමදාම අඬනවා හ්‍යුන්ග්.. අර හිතක් පපුවක් නැති තිරිසනා නිසා එයා හැමදාම අඬනවා. මං කොහොමද ඒ දිහා බලන් ඉන්නෙ හ්‍යුන්ග්...?"

"ටේහ්‍යුන්ග්ආහ්.. මේ අහපංකො. ටේ.."

හොබී ටේහ්‍යුන්ග් ගෙ උරහිසෙන් අල්ලලා හෙලෙව්වෙ ටේ මේ ලෝකෙ සිහියෙන් නෙවෙයි හිටියෙ කියලා දැක්ක නිසා

ඔව්. ඇත්තටම එයා හිටියෙ මේ ලෝකෙ සිහියෙන් නෙවෙයි. එයාගෙ ලෝකෙ, එයාගෙ හරි සිහිය, එයාගෙ පලවෙනි ආදරේ, එයාගෙ හැමදේම... ජිමින්

මීට අවුරුදු එකහමාරකට කලින් ශීත සෘතුවක අවසානයක් එක්ක පටන් ගත්ත අලුත් කාර්තුවේදී, සෝල් ජාතික උසස් පාසලේ අවසන් වසරෙ සිසුවෙක් විදිහට හිටිහැටියෙම පාසලේ කලා අංශයට අලුතින් එකතු උනු, ලස්සන බෝල කම්මුල් දෙකක් තිබුන, හිනා වෙනකොට කම්මුල් අස්සෙ ගිලෙන හීනි ඇස් එක්ක, දැක්කම හපන්නම හිතෙන රෝස පාට තොල් දෙකකුයි ඒ හැම දේකටම ගැලපෙන විදිහට බ්ලොන්ඩ් කරපු කොන්ඩෙයි, හුරුබුහුටි උසකුයි තිබුන සූරදූතයෙක් වගේ පිරිමි ළමයා පාර්ක් ජිමින්

පළමු දැක්මෙන් ඇති වෙන ආදරය මොන වගේද කියලා බැරි වෙලාවත් කවුරුහරි ටේහ්‍යුන්ග් ගෙන් ඇහුවා නම් එයාගෙ උත්තරේ වෙන්නෙ පාර්ක් ජිමින්

 ᖴOᖇEᐯEᖇ🍁 [ᴠᴍɪɴ_ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now