-- අම්බර 12--

303 66 68
                                    

'' කුමක් !!! එය කෙසේද සිදුවන්නේ ? '' වාග්ෂස නළල රැලි ගන්වමින් මිය ගිය මන්දාකිණි කන්‍යාවිය අසළ දණ ගසාගත්තේ අම්බර සුළු මොහොතකට පෙර ඔහුට පෙන්වා දුන් කරුණ විශ්වාස කරගත නොහී ය. තරුණයාගේ ගෙලෙහි රැදී තිබූ පළදනාව කුමක්දැයි අම්බරට කිසිදු වැටහීමක් නොවූ මුත් එහි කිසියම් වැදගත්කමක් ඇතැයි හේ නිකමට මෙන් සිතුවේ ය. වාග්ෂසගේ අවධානය එදෙසට යොමුවීමෙන් හෙතෙම එය තහවුරු කරගත් අතර වාග්ෂසට උපකාරයක් වීමට හැකිවීම පිළිබද සිතින් තුටු වුයේ ය.

'' යුදවි මෙය බලනු.. '' මෙතෙක් වේලා උන්මන්තකයෙකු සේ කදුළු පිරි දෑසින් පසුම්බිය සිඹිමින් සිපාචාර පැවැත්වූ ආයුධානගේ අවධානය ද වාග්ෂසගේ වදන් සමගින් එදෙසට යොමුවනු විජ්‍රාසේම අම්බර ද බලා සිටියේ ය. ඉදින් විසල්ම ප්‍රතිචාරය වූයේ අායුධානයන්ගේ දෑස් තුළ ය. වැට බැදී නැවතී තිබූ කදුළක් ඔහුගේ කොපුල් හරහා වැටෙද්දි , මන්ද්‍රා මැදුරෙහි ලාබාලතම සෙන්පතිදුගේ පසුම්බිය රැදි දෑත් වෙව්ලනු ද අම්බර හා විජ්‍රාට හොදින් පෙනේ.

'' අ-අා-නෂ්ද්‍රි.. ??  '' ආයුධානගේ ස්වරය නිසි ලෙස පිට නොවන තරමින් විය. වාග්ෂස ද තමාගේ අනුමානය තරවුරු කරගනිමින් සිය හිස තෙත් වූ පොළොවට යොමු කළේ ය. කෙතරම් හැගීම් විරහිත වුව ද , වාග්ෂස පළදනව පෙන්වූ පසු විජ්‍රා ද තෙත පොළව මත දණ ගසාගනු අම්බර වික්ෂිප්තව බලා සිටියේ ය. අානෂ්ද්‍රි යනු මිය ගිය තරුණිය වග නම් ඔහුට විශ්වාස වූ මුත් දෙනිඹුල්ලන් හා තමා ඇතිදැඩ කළ විජ්‍රා හා ඇයට ඇති සම්බන්ධය නම් හේ නොදැන සිටියේ ය. දෙනිඹුල්ලන් කෙලෙසක වෙතත් විජ්‍රාගේ හැසිරීම නම් ඔහුට පැහැදිලි කරගත නොහැකි තරම් විය.

'' මිජුලාභ අසපුවේ ප්‍රධානි ගෝව්‍යෙයගේ දියණිය.. අනෂ්ද්‍රි.. '' වාග්ෂසගේ පැහැදිලිම කිරීමෙන් ඇය කවුරුන්දැයි අම්බර වටහාගත්තේ ය.ආයුධානගේ දෑත් වෙව්ලීම ඔහුට කිසිසේත්ම අදාළ නොවූව ද වාග්ෂසගේ මුහුණ ද දිගු දෑගිලිද සුදුමැලි වී තිබීම නම් අම්බරගේ සිතැගිවලට බාධා ඇති කළේ ය. දෙසොයුරන්ට මෙකී තරුණයගේ මරණය දැඩි කම්පනයක් වග හේ වටහාගෙන හමාර විය.. සිය ඉණෙහි වූ කුඩා යමක් පිටතට ගනිමින් ආයුධාන්ද  ආනෂ්ද්‍රි ඉදිරියේ දණ ගසා ගත්තේ ය. අලංකාර සිප්පි කටුවකින් හා තනා තිබූ හිස් පළදනාව රැගත් ආයුධානගේ හස්තය ද වෙව්ලුවේ ය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now