💜️ Chapter 8 💜️

86 18 28
                                    

Jk pov

මම දුවගෙන ඇවිත් car එකට නැගලා මගේ අතට ගත්තෙ ජිසෝ මට දුන්න පොත. ඒ පොත එයාගෙ සුවදින් පිරිලා. පොත මගේ තුරුලට අරන් මම වින්දෙ ජිසෝගෙ සුවද. ඒත් එක්කම මගේ කම්මුල් දිගේ කදුලු ගලාගෙන ගියේ අපේ අතීතෙ මගේ මතකෙට ආපු නිසා.🥺 පොත ආයෙත් සීට් එකෙන් තියන්න හදද්දිම මගේ ඇස් ගියේ පොත ඇතුලෙ තිබිලා බිමට වැටිච්ච කොලය දිහාවට. ඒ කොලේ අතට ගත්ත සැනින් මගේ කටින් පිටවුනේ " හරිම ලස්සන කොලයක් . " කියලා . හෙමීට කොලේ දිගෑරපු මන් දැක්කෙ මගේ ජිසෝගෙ ලස්සන අකුරු .

ආදරණීය කුකී වෙත ,

                      ඔයා මේක කියවද්දි මම මේ ලෝකෙ ඉදීද නැද්ද කියන්න මම දන්නෙ නෑ කුකී. ඔයා තමා මේ ලෝකෙ ඉන්න හොදම චින්ගු. මම ඒක කියන්න කොයිමවෙලාවකවත් පසුබහින්නෙ නෑ.දෙවියො අපෙන් දෙයක් ගන්නෙ ඒ දේ අපිට නොගැලපෙන නිසාලු. ඒකට උදාහරණ දෙකක් මන් ගාව තියෙයි . වූබින් ඔප්පට මාව නොගැලපෙන නිසා අපි වෙන් වුනා. ඔයාට මම වගේ වැඩකට නැති කෙනෙක් නොගැලපෙන නිසා අපිත් වෙන් වුනා කුකී. ☺️ ජන්ග්කුක් මම ඔයාට දෙයක් කිව්වොත් ඔයා අහනවා නේද ? ඔයා marry කරන්න ඕනෙ. මම වගේ කෙනෙක්ව නෙමේ . ඔයාට ගොඩක් ආදරේ කරන ලස්සන මලකට. ඔයාට විතරක් අයිති කෙනෙකුට. මම කියන්නෙ නෑ මම ඔයාට ආදරේ නෑ කියලා . ඇත්තටම කියනවා නම් මම ඔයාට ආදරෙයි කුකී. සරන්ග්හේ කුකී. ❤️  ඒත් මන් වගේ කෙනෙකුට ඔයා වගේ රත්තරන් මනුස්සයෙක් හොද වැඩී කුකී.
                                                      ඒ වගේම ඊයෙ මම කොෆී ශොප් එකේදි කිව්ව දේ ඔයාට දැන් මම කියනවා. ඔයාට මට ආදරේ කරන්න එපා කිව්ව එකට හේතුව. මොකද කුකී මම ජීවිතේ අවිනිශ්චිත , කොයි වෙලාවෙද මගේ මරණය කියලා නොදන්න , බලාපොරොත්තු දාහක් මැද අසරණ වුන හදවත් රෝගියෙක් . ඔව් කුකී මම heart patient කෙනෙක්. 😔  මේක තමා මන් කරපු මෝඩ වැඩේ ප්‍රතිවිපාකෙ. මත්පැන් ගත්ත මම ඒක නැවත්තුවේ සතියකට කලින් ඩොක්ටර් මේ දේ කිව්වට පස්සෙ. ඒක මගෙම වැරැද්ද . ඒ වැරැද්ද හදාගන්න තරම් මට කාලයක් නෑ කුකී. සමහරවිට ඔයා මේක කියවනකම්වත් මම ඉදීද දන්නෙ නෑ. මම පරක්කුයි . හුගක් පරක්කු යි. 😔හෝ හෝ ඔය බලන්නකෝ ඔය කදුලු පිහදාගන්නකෝ. චී අප්පා ලැජ්ජාවෙ බෑ ඔය බලන්න හොටුත් එනවා. 🤭

              අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ සරන්හේ කුකී. ඒත් මම පරක්කුයි. I'm sorry. හැමදාමත් ඔයාගෙ හදවතේ මම ඉන්නවා . ඒක මතක තියාගන්න.

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා.................😔🥀 

                                                        මෙයට
                                      ඔයාගෙම ජිසෝ 😊

I'm sorry  ❤️🥀 [ completed ✅ ]Where stories live. Discover now