Chapter 4

153 29 4
                                    

නම්ජුන් බේස්මන්ට් එකෙන් ගිහින් පැය බාගෙකටත් වැඩිය ගත වුනත් සේමි තාමත් ඒ විදිහටම බිම වැතිරිලා හිටියෙ තමන්ගෙ ශරීරයෙන් දැනුන මහන්සියටත් වේදනාවටත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම්ජුන් බේස්මන්ට් එකෙන් ගිහින් පැය බාගෙකටත් වැඩිය ගත වුනත් සේමි තාමත් ඒ විදිහටම බිම වැතිරිලා හිටියෙ තමන්ගෙ ශරීරයෙන් දැනුන මහන්සියටත් වේදනාවටත්. ඊටත් වැඩිය සේමිට තේරුණේ නෑ ඊලඟට මොනවද කරන්න ඕන කියලා.

කෙල්ලට ඕන වුණේ කාටවත් නොකියා අතුරුදහන් වෙන්න. ඉතින් දැන් ඒක සිද්ධ වෙලා. කොහොමත් ජීවිතේ ගැන මහලොකු බලාපොරොත්තු නොතිබුන නිසා මේ සිද්ධ වුන දේ සේමිට ලොකු කම්පනයක් ඇති කලේ නැතත් ඉස්සරහට මොනවා වෙයිද ඒවට කොහොම මූන දෙන්න වෙයිද කියන කාරනාව කෙල්ලගෙ ඔලුවට එක දිගටම වද දෙන්න ගත්තා. සේමි හිතපු විදිහටම කාටවත් නොදැනී තමන් අතුරුදහන් වුනත් නම්ජුන් කරපු දේවල් එක්ක දිගටම එතන ඉන්න කෙල්ලට හිත දුන්නෙ නෑ. කලින් දවසේ ජින් කියපු දේවල් එක්ක එතනින් බේරිලා ගියා කියලා ජින් ලඟට යන්නත් සේමිට හිත හදාගන්න බැරිවුනා.

තවත් පැය බාගෙකටත් වැඩිය ඒ විදිහටම හිටපු කෙල්ලට එහෙමම නින්ද ගියෙ තවත් ඇඟට දැනුන මහන්සියට. පැය ගානක් ඒ විදිහටම නිදාගත්ත සේමි හදිස්සියේ දැනුන බඩගින්න නිසා ඇහැරුනා.

දැන් වෙලාව කීයද කියලා කෙල්ලට කිසිම අදහසක් තිබුනෙ නෑ. අන්ධකාරය පිරිලා තිබුන ඒ බිම් මහලටම තිබුනෙ මලානික එලියක් විහිදවපු බල්බ් එකත්, නම්ජුන් පෙන්නපු කැමරාවත්, සේමිව ගැටගහලා තිබුණ පුටුවත් විතරයි. ඇඟට අමුතු සීතලක් දැනෙද්දියි සේමිට තේරුණේ තමන් තාමත් ඉන්නෙ නිරුවත්ව කියලා. කෙල්ලට ටිකක් නුදුරින් බිම තැන තැන විසිකරලා දාලා තිබුන ඇඳුම් එකින් එක අහුලගත්ත කෙල්ල ඉක්මනටම ඒවා ඇඳගන්න හැදුවත් නම්ජුන් ඒවා එහෙන් මෙහෙන් ඇදලා ගලවපු විදිහට ඒවා තැන් තැන් වලින් ඉරිලයි තිබුනේ. වෙන කරන්න දෙයක් නැති නිසා කොහොමින් කොහොම හරි ඒවා ඇඳගත්ත සේමි අමාරුවෙන් අඩියක් දෙකක් තියලා ඉස්සරහට ගියෙ බේස්මන්ට් එක වටේට ටිකක් ඇවිදලා බලන්න.

𝓔𝓜𝓟𝓣𝓨 ||Sinhala FanfictionWhere stories live. Discover now