04...
"ඒක නෙමෙ....යමන්කො එලියට ගිහින් එන්න "
ටාරා මිනාට කතා කරේ දැන් දැන් පාටි එක පොඩ්ඩක් කම්මැලියි වගේ කියලා දැනුනු නිසා...මොකද මේ වෙලාවේ ප්ලේ වෙමින් තිබුනේ රොමෑන්ටික් මියුසික් එකක්..එදා ඉඳලම ඒවට වැඩි ඇයි හොඳැයියක් නොතිබ්බ ටාරා මේ වෙලාවේ වුනත් ඔය රොමෑන්ටික් මියුසික් එකට කැමති වුනේ නෑ...
"හපෝ බන් .. කොල්ලෙක්වත් නැති එකේ අපි දෙන්නවත් නටමුකො බන් "
මිනා එහෙම කියන ගමන් ටාරාගේ අත්දෙකෙන් අල්ලන් බොරුවට හිනාවෙවී පැද්දෙන්න ගත්තා...
"සිකේ...පලෑන්ඩ...."
"😂😂😂😂😂 සොරි සොරි ඉතින්"
.
.
.ගේට් එක ගාව හිටපු ඕරා දැක්කේ තමන්ගේ පැත්තට කිටි කිටියේ දුවගෙන එන පොලිස් නිලධාරියෙක්..ඒත් එක්කම වගේ එයාගේ පස්සෙන් ආපු තවත් කෙනෙක් එයාගේ ඇඟට පැනලා බෙල්ල හපාකද්දියි ඕරා දැක්කේ ඒ හරියෙම තව තව කට්ටිය හපාගන්න වග....
ඒක දකිද්දී ඕරා පොඩ්ඩක් ගැස්සුනත් මොලේට ලෝඩ් වුනු සෝම්බී කතා ටික නිසා ටග්ගාලා දාගෙන හිටපු හීල්ස් දෙක ගලවලා අතට ගත්තේ පා'ටි හෝල් එකට දුවන්න...
හති දාගෙන හීල්ස් දෙකත් අතේ දාගෙන දුවපු ඕරා පා'ටි හෝල් එක ලඟ දොර ගාවින් නතර වුනේ කොහොමද මේක එයාලට කියන්නේ කියලා හිතන ගමන්....
ඒත් හිත හිත ඉන්න වෙලාවක් නොතිබ්බ ඕරා ඉක්මනට හෝල් එකේ දොරත් ඇරන් ඇතුලට ආවා....
හති දාගෙන , කොන්ඩෙ අවුල් කරගෙන , කකුල් වලට දාගෙන හිටපු හීල්ස් අතේ තියාගෙන ඉන්න මේ කෙල්ලව දැක්කම පා'ටි එක එන්ජෝයි කරමින් හිටපු එක්කෙනා දෙන්නා මේ කෙල්ල දිහා බැලුවා....
"ඕක...ඕක නවත්තන්න....."
පලවෙනි පාරට ඕරා එහෙම කිව්වත් පා'ටී එකේ සද්දේ නිසාම ඒක හැමෝටම ඇහුනු බවක් පේන්න තිබුනේ නෑ....ඒක නිසාම ඕරා තමන්ට පුලුවන් උපරිම හයියෙන් කෑ ගැහුවා...කොටින්ම ඒක බෙරිහන් දීමක් කිව්වොත් හරි....
"ඕක නවත්තනවාආආඅ...සද්ද අඩු කරනවාආආආ"
ඒපාරනම් ඕරගේ කටහඬ හැමෝටම ඇහුනු වගක් තමයි පෙනුනේ....
YOU ARE READING
Virus Z ( ongoing )
HorrorBts sinhala fanfiction Main vminkook x girls Zombie fiction