-19-

1.8K 286 25
                                    

ආශාද් 🖤💫

-18+ scenes ඇතුලත් විය හැක 😁🙈 පොඩි බබාල කියවන්න එපා😑✋-

#19

" වහින්න වගේ..  "

   " තව ගොඩක් දුරද?"

" ටිකක්.. තව ගියොත් කොස්කන්ද මැද තෙමෙන්න වෙන්නෙ.. ටිකක් ඉදලා යමු.. "

   " කොහෙද ඉන්නෙ?"

" මේ ඉස්සරහා වෙල්‍ යාය අද්දර පොඩි පැලක් තියෙනවා අතෑරල දාපු. ඒකෙ ටිකක් ඉමු.. අර විදුලි කොටනවත් එක්ක.. "

   " ම්ම්... මට බයයි.. "

" මං ඉන්නවනෙ.. " කුඩා අඩිපාර කෙලවර කුඩා පැල්පතක් විය. එය ගරාවැටී මැටි බිත්ති සේදී ගොස් තිබුනත් උලු කැට සෙවිලි කල වහලය තවමත් හිසට සෙවනක් දීමට සමත් ය. මහ වනයටත් වෙල් යායටත් මායිම්ව තිබුණු නිවස කනාමැදිරියන්ගෙන් ආලෝකමත් විය.

  ආශාද්ව කුඩා ඇද මත තැබූ නිම්නාද් ඒ පසෙකින් අසුන් ගත්තේය. ඒ හා සමඟම වාගේ ධාරානිපාත වර්ශාවක් කඩාහැලෙන්නට විය.

      " අයියෙ... "

"ම්ම්... මහන්සියි... වතුර ටිකක් බීල එන්නම්"

" කොහෙන්ද?"

"වැස්සෙන්... "

   " මාව මෙතන දාල යන්න එපා.. "

" බයවෙන්න එපා මං අතනට විතරයි යන්නෙ.. "

    " අයියෙ... මං කාවහරි දැක්කා.. "

" කෝ කොහෙද? කවුරුත් නෑ බබා මෙහෙ. කවුරුත් එන්නෑ මේ ගෙදරට. "

    " මෙහෙ නෙවෙයි... එද්දි පාරෙ.. ඔයා මාව බිම දාල ගියෙ එවෙලෙ.. සුදු ඇදගත්ත ගෑනු කෙනෙක් පාර මැද හිටගෙන හිටියා. ඔයා දිහා බලන් රවාගෙන වගේ හිටියෙ.. ඒත් මට රැව්වෙ නෑ.. ඔයා ආපහු එද්දි මීදුම් වගේ වෙලා කැලේ මැදට ගියා.. "

    " අනේහ්.. තමුසෙ එහෙම දෙයක් දැක්කනම් එතන දෙකක් කරලා.. බොරු නොකිය ඉන්න සුද්දා... "

   " නෑ අනේ මට බය හිතුන්නෑ එවෙලෙ.. සත්තයි මං දැක්කා අයියෙ... " නිම්නට ආශාද් යමක් දෙස බලා සිටිනවා දුටු බව මතක් විය. ආ මග දෙස ඔහේ බලා සිටි ඔහු සුදුමැලිව ගොස් අතපය සීතලව වෙව්ලමින් සිටි අයුරු සිහි විය.

ආශාද් ( MalexMale | Completed | සිංහල )Where stories live. Discover now