Chapter : 24

127 24 222
                                    

3 months later

🦖"යාහ් Kim Kibum..?! මම තමුන්ට මෙහෙමද මේ ගණං හදන්න කියලා දුන්නෙ ආහ්..?"

කැෆේ එකේ shift එක ඉවර කරලා එන ගමන් Taeminවත් ඉස්කෝලෙන් අරන් ඩෝම් එකට ආව මම වොශ් එකකුත් දාගෙන ඇවිත් බාත්‍ රොබ් එක පිටින්ම ගිහින් මම යන්න කලින් Kibumට හදන්න දීලා ගිය ගණං ටික බලන්න එයාගෙ ගණන් පොත අරන් වාඩිවුණා.
පොත අතට ගත්තබ්ගමන් දැක්ක පළවෙනි ගාණම වැරදි නිසා කුස්සියේ උය උය හිටපු Kibumට මං කෑගැහුවා.

🦖"උදේ ඉඳන් මේ ජාතියෙ ගණං කීයක් හැදුවද..? ඒත් බලනවා මේක වැරදියි..!"

🗝️"හරි ඉතින් අප්පා hyungත් මට ඔය ගණං හදන විදිය කියල දුන්නෙ Jinki hyungගෙන් අහගෙනනේ, නැත්නම් hyung දන්නෙත් නෑනෙ හදන්න..."

කුස්සියේ ඉඳන් Kibum කෑගහපු පාරට මට පොතේ පිටු ටික කඩලා ඌටම කවන්න හිතුණා.
තමන්ගෙ ගෝලයා ඉස්සරහා නම්බුව රැකගන්න ඕනි හින්දා මූට හොරෙන් මම මේක Jinki hyungගෙන් ඊයෙ රෑ අහගත්ත එක ඇත්ත ඒත් මූ ඒක හොරෙන් අහගෙන ඉඳලද?
කමක් නෑ ඉතින් Jonghyun තමුසෙලා ඔක්කොම ඉන්න එකම ඩෝම් එකේනෙ? දොරකඩ ඉදන් ඈනුමක් ඇරියත් ඩෝම් එකේ අනික් කෙළවරමට ඇහෙනවා ඉතින් මේක Kibumට ඇහෙන්නැතුවයෑ.
හිත හදාගන්න දැං ඉතින්.

🦖"යාහ්..! තමුන් ඔහොමද කියනවා තමුන්ගෙ ගුරුවරයට ගරු කරන්නෙ ආහ්..?!"

🗝️"ඇත්තනේ කිව්වෙ... මට බැන්නට hyungටත් ගණං බැහැනේ..?"

"හැමෝටම හැම විශයම බෑ තමා ඒකනේ ඉස්කෝලෙ එක එක විශයන් උගන්නන්න වෙන වෙනම ගුරුවරු ඉන්නෙ..? ඒ අතින් තමුන්ගෙ hyungට බැරි ගණන් විතරයි, ඒ ගැන ආඩම්බර වෙනවා..!"

🔥"Hyungට Englishත් බැහැ...."

මෙච්චර වෙලා උන්නද මළාද නැතුව ටීවි එක ඇතුලට පනින ගානටම කටත් ඇරගෙන ෆුට්බෝල් මැච් එකක් බල බල හිටිය Minho කිව්වෙ තව පොප්කෝන් එකක් කටේ ඔබාගන්න ගමන්.

🦖"තමුසෙ මැච් එක බලනව නම් කටවහගෙන මැච් එක බලනවා... ආවා මෙතන..."

🗝️"හරි ඉතින් වැරදුණ ගාන මම ආයෙ හදන්නම් hyung ඕකට ඔච්චර තරහා ගන්නෙ ඇයි..? අනික බලන්න දැන් hyungමයි කිව්වෙ හැමෝටම හැමදේම බෑ කියලා, ඉතින් මමත් කොහොමද හැමදේම තනියම ඉගෙන ගන්නෙ..?"

The BeginningWhere stories live. Discover now