"දුව නැගිටින්න ඉස්කෝලෙ යන්නෙ නැද්ද?"
අපේ අම්මාගෙ කෑ ගැහිල්ලට උදේම නැගිට්ටේ ඉස්කෝලෙ යන්න කියලා. එලාම් එකක් ඕන් නෑ අපේ අම්මාගේ කෑගැහිල්ල එලාම් එකක් වගේ තමා.
මගේ නම සාවින්දි. යාලුවෝ මට ආදරේට කියන්නේ සාවි කියලා.වයස දාහතයි. ඔව් මම අලුතෙන් ඒලෙවල් කරන්න පටන් ගත්ත කෙනෙක්. මැත්ස් වලින් ඒලෙවල් කරන්න තමා හිතන් ඉන්නෙ.දැන් නම් ඉස්කෝලේ යන්න හිතෙන්නෙත් නෑ. ඉස්සර හිටපු යාලුවෝ එක එක විශයන් නිසා හැමෝම කැඩිලා ගිහින්.
මේවා හිත හිත ඉස්කෝලේ යන්න ලෑස්ති වුනේ අම්මගෙ කන්කරච්චලේ අහන් ඉන්න බැරිකමටයි."මේ ළමයා මෙච්චර වෙලා මොනවා කරනවද මන්දා. සාවි ඉක්මන්ට ලෑස්ති වෙලා එන්න ලමයෝ බස් එක යයි."
අපේ අම්මගෙ උදාන වාක්‍ය තමා ඕක.මට දැන් ඕක කට පාඩම්.ඉක්මන් කරලා ඉස්කෝලෙට ගියේ හතහමාරෙ බෙල් එක ගැහුවට පස්සේ ප්‍රින්සිපල් ගේට් එක ලගට ඇවිත් මුරට ඉන්න හින්දා. තව දෙයක් කියන්න ඕනෙ අපේ ඉස්කෝලෙ ඉන්නෙ ගෑනු ළමයි විතරයි. හරියට කීවොත් බාලිකා පාසලක්. ඒකත් ඉතින් එක අතකින් නිදහසක් තමා.
ට්‍රීං ට්‍රීං....
හතහමාරට කලින් ඉස්කෝලෙට පැනගන්න පුලුවන් උනා.
"ඒයි ඔය ළමයා ඔහොම ඉන්නවා.."
හරිනෙ විනයභාර මිස්ට අහු උනා කියන්නෙ ඉතින් කනපිට හරවලා තමා යවන්නේ.
"ඔය ළමයා දන්නෙ නැද්ද බෙල් එක ගහන්න කලින් ඉස්කෝලෙට එන්න ඕනෙ කියලා. හැටි බලනවකො කොන්ඩෙ හරියට තෙල් ටිකක් ගාලා ගොතන් එන්න ඕනෙ ඊලග දවසෙ හරිද.......බ්ලා බ්ලා බ්ලා....."
ඔක්කොම මගේ ලස්සන දත් ටික ඉස්සරහට දාගෙන හිනාවීගෙන අහන් හිටියෙ වෙන කියන්න දෙයක් නැති නිසයි.
YOU ARE READING
I Love you ||GL||(complete)
Short Storyසැරි සරන මතක අතර... මම සොයමි තවම නුබව.... මම විදිමි තනිව නුබව........🥀🥺 නොකියමි...... මග බලා හිදින බව නුබට..... ඒත්, බලාගෙන හිදිමි එය, දැනෙනතුරු නුබට...!! 🥀 විශ්ගේ සහ සාවිගේ ආදර කතාව...❤️