9

118 27 0
                                    

පහුවදා උදේ පාන්දර jimin jung House එකට ආවෙ ඊයේ ටේ නටලා තියෙන පිස්සුව Jackie මාර්ගයෙන් දැනගත්ත නිසා වගේම... අද හොසෝක්ගෙන් ටේව බේරාගන්න පුළුවන් එකම කෙනා jimin නිසාත‍්..

Jimin හොඳටම දන්නවා හොසෝක් ගැන එයාට ඕන දෙයක් කමක් නැහැ drinks ගන්න එක පේන්න බැහැ... ඒකට ලොකුම හේතුව Hoseok ගෙ අප්පා හොඳටම බීලා ඇවිත් එයාගෙ අම්මට ගහනවා හොසෝක් අැස් දෙකෙන්ම දැකල තියනවා... ටේ අවුරුදු තුනක දරුවෙක් කාලේ ටේ ගෙ අම්මා අප්පා දෙන්නම නැති උනේ accident එකකින්... Accident එකට හේතුව හොසෝක්ගේ අප්පා drinks අරගෙන drive කරපු එක කියලා පොලිසිය කියද්දී හොසෝක් පුදුම උනේ නැහැ කොහොමහරි පොඩි හොසෝක් චුටි ටේව ලොකු කරේ අත්තම්මා එක්ක... එදා ඉඳන් හොසෝක් drinks ගන්න එකට බයයි අත්‍යවශ්‍ය වෙලාවක් හැර හොසෝක් drinks ගන්නේ නැහැ එයා ටේට එක කරන්න දෙන්නෙත් නැහැ...

හැබැයි ටේ කියන්නේ හියුංගෙ ආදරේ එක්ක හැදුන මුරණ්ඩු කෙනෙක්. අහම්බෙන් අත්තම්මාගෙන් එයාගෙ අම්මා අප්පාගෙ ජීවිත කතාව දැනගෙන ආදරේ කියන එක මොකක්ද කියලවත් දැනගන්න ආසාවක් නැති කෙනෙක්... ආදරේට වෛර කරන්වා නෙවෙයි ආදරේ කියන්නේ මොකක්ද කියලා එයා දන්නේ නැහැ එයා දන්නේ ආදරේ කරොත් දුක් විඳින්න වෙයි කියලා විතරයි...

"ටේ... අවදි වෙන්න... ඕයි ටේ... අන්න හියුංට තරහ ගිහින්..."

"මොකක්... අැයි ඒ..."

"අැයි නෙවෙයි හුයි... මොනවද බුරු මෝඩ උලමෝ තෝ ඊයේ කරේ..."

"මන් මොකක්ද කරේ...ආව් ඔලුවත් රිදෙනව... "
ටේ ඔලුව දෙපැත්ත අල්ලාගෙන නැගිටලා jiminගෙ ඇගට බර උනා..

"ඊයේ club ගිහින් හොඳටම බීලා එතැන ඉන්න අයගෙන් අැයි කෝල් answer කරන්නේ නැත්තේ කියලා අහ අහ වද දිදී... තව ඔයාව pick කරන්න ආව cab එකේ එක්කෙනා එක්ක වලි දාගෙන... ගෙදරට කොහොම හරි ආවා කියමුකෝ.. අැයි හියුං දිහා බලලා තමුන් හිතන් ඉන්නේ නපුරො මන් ඔයාට බයයි කියලද? කියලා ඇහුවේ...

හියුං ඉන්නේ හොඳටම තරහෙන් ටේ... තමුන් මට නොකියා club ගිය එකනම් අපේ මිත්‍රත්වයට කරපු ලොකු කැළලක්... "
Jimin හරිම dramatic විදිහට කියාගෙන යද්දි ටේ ට උදේ පාන්දර තරු පෙනුනේ දැන් හියුං ඉන්න විදිහ මැවිලා පේන්න ගත්ත නිසා...

" දෙය්යනේ ජිම්... මාව බේරගන්න ප්ලීස්... මම ආයේ කවදාවත් ඔයාගෙ hairdryer එකට පාන් පිටි දාන්නේ නැහැ... තව strawberry milkshake එකට ලුණු දාන්නේ නැහැ...මම promise වෙනවා...."

"එතකොට Jung Taehyung... මගේ hairdryer එකට පාන්පිටි දැම්මේ තමුන්... මම බොරුවට කුක්ට බැන්නේ... එතකොට මගේ milkshake එකට ලුණු දැම්මේ මොන හිතකින්ද මනුස්සයෝ...

නැහැ නැහැ... මම හොසෝක් හියුං කියන ඕන දේකට එකඟ වෙනවා... මම මොකුත් කියන්නේ නැහැ... ඕන දෙයක් කරගන්න..."

Jimin එහෙම කියලා ටේගෙ කාමරයෙන් එළියට ගියේ ටේට එයාගෙ වචන පාවිච්චියේ වැරද්ද තේරෙන කොට...

______________________________________

සොරි පරක්කු උනාට දවසම ක්ලාස් අප්පහ්🤧💔

තව එකක් දෙන්නම්

Snow_Flower🖤✨

° What Is Love? ° || NAMTAEWhere stories live. Discover now