𝕺𝕹𝕰 𝖎𝖘 𝕷𝕬𝕾𝕿

58 14 12
                                    


ඔබ ආදා සිට මගේ ලෝකේ

එලියවුණා පුර හද වාගේ

කවුද මටම ආදරේ කලේ

හැමදාමත් මේ ඔබ වාගේ


pov start.....


"ආදි අපේ ඉස්කෝලෙට අලුත් ලමයෙක් ඇවිල්ලූ"

ඉස්කෝලෙට ගිය වෙලේම මට ඇහුනේ කසුන්ගේ කටහඩ. එයා කියන විදිහට ඉස්කෝලෙට අලුත් ලමයෙක් ඇවිත් වගේ. අපේ ඉස්කෝලේ කොල්ලෝ විතරයි ඉන්නේ. කවුද දන්නෑ අලුතෙන් ආපු කෙනා.

"කසුන්, සන්දීප් good Morning"

"good Morning මචන් ඇයි පරක්කු?"

"නෑ මේ ටිකක් ලෑස්ති වෙනකොට පරක්කු වුනා."

"ඒක නෙමෙයි බන් කවුද අර අලුත් ලමයා."

"අම්මෝ ... අම්මෝ යන්කෝ එහෙනම් බලන්න"

"මොකද බන් හිනා වෙන්නේ?"

"නෑ මොකුත් නෑ යමු"

මගේ හිතේ තියෙන්නේ අලුතෙන් ආවේ කවුද කියලා බලන්න කුතුහලයක්. අපි තුන්දෙනාම පන්තියට ගියේ එයාත් අපේ පන්තියේමයි කියලා කසුන් කියපු නිසා. පන්තියට යනවත් එක්කම මම හෙවුවේ කවුද ඒ අලුත් කෙනා කියලා. පන්තිය මගක් දුර මගේ ඇස් දුවනකොට එකම එක නුහුරු හුරුපුරුදු තද නිල් පාටට හුරු කොල පාට ඇස් ලග මාව නැවතුනේ මටත් හොරෙන්. කවුද එයා? මගේ හිත මොහොතකට නතර වෙලා ඒ ප්‍රශ්නේ වටේ එතෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ. ඒ ඇස් මන් දිහා පුදුමෙන් වගේ බලද්දීනුයි මම පියවි සිහියට ආවේ. හුටා මම එයා දිහා බලන් ඉදලා නේ.

"කොහෙද බන් බලන් ඉන්නේ" කසුන් මගෙන් අහපු විදිහටනම් මට ටිකක් ලැජ්ජා හිතුනත් ලැජ්ජාව පැත්තක දාලා එයා එක්ක කතා කරන්න ගියේ සන්දීප්ගේ පැහැදිලි කිරීම නිසා. ඇයි යකෝ මූ නිකන් උප්පැන්න බලලා වගේනේ කියවන්නේ. ඒ තරමට මූ අර අලුත් කොල්ලා ගැන හොයලා.

"හායි මම ආදිත්‍ය" අලුත් කොල්ලාට අත දිකකරලා කියුවාම එයත් ආපිට අත දුන්නා. එයාගේ අතත් එක්ක බැලුවාම මගේ අත චූටිම චූටියි.

ඔබ හිමි වන දවසක් ආයේ...Where stories live. Discover now