03

858 174 43
                                    

යීබෝ රට පෙරලන්න වගේ හෙව්වෙ එයාගෙ නෝට් දාපු ෆයිල් එකක්. ශාන් ටික දවසකට කලින් ඒ ටික ඉල්ල ගත්තේ එයාගෙ අසයින්ග්මන්ට් එකකට පොයින්ට් වගයක් හොයාගන්න...

අන්තිමට තිබ්බ ලාච්චුව අස්සෙ ඔලුව ඔබන් හිටිය යීබෝ දැක්කෙ ලස්සන කවරයක් දාපු පොතක්. එයා ඒක අතට ගන්නවත් එක්කම ඇදිලා ආව තවත් ෆයිල් එකක් කොල්ලගේ කකුල් දෙක ලගට වැටුනේ එකේ තිබ්බ කොල ටික සී සී කඩ විසිරෙන අතරේ. එයා අවධානය ගියේ ඒ ෆයිල් එකට නෙමෙයි අතේ තිබ්බ පොතටයි...

'මේ මොකක්ද මේ... කාගෙද මේක...'

එහෙම හිතපු යීබෝ ඒ පොත පෙරලලා බැලුවා. ඒක scrapbook එකක්. ඒත් ඒක කා වෙනුවෙන්ද හදලා තියෙන්නෙ කියල දැක්කම බෝගෙ හිතට මාරම සතුටක් දැනුනා. තමන් මෙච්චර කල් කියාගන්න බැරුව තනියෙන් විදවපු හැඟීම් අනෙකාටත් එහෙම්මම දැනෙනවා කියලා දැනගත්ත නිසා එයාට හිතුනෙ නටන්න...

ඒ scrapbook එකේ තිබ්බෙ ශාන්ගෙයි යීබෝගෙයි ෆොටෝස්. එයාලා මුණ ගැහුන දවස් වල ඉදං මේ වෙනකල් වෙච්ච දේවල් එකට එකතු කරලා හදපු ලස්සනම ලස්සන පොතක්. ඒකෙ අන්තිම පිටුවෙ තිබ්බෙ ශාන් යීබෝගෙ කම්මුල කිස් කරන ගමන් ගත්ත සෙල්ෆි එකක්. ඒක යටින් ලියලා තිබ්බෙ...

"Will you be my BOYFRIEND"

'Yes.. බනී..... yes මං මගේ මුලු හදවතින්ම කැමති ඔයාගෙ boyfriend වෙන්න. ඒ විතරක් නෙමෙයි මං කැමති ඔයාගෙ husband වෙන්නත්.හිතං හිටියෙ ඔයාගෙ හිතෙ මං ගැන එහෙම දෙයක් නැතුව ඇති කියලා. මොකද මංම නේ කිව්වෙ එහෙම හිතන්න එපා කියලා...'

'ඒත් කොහොමද බනී මං ඔයාට ආදරේ නොකර ඉන්නෙ. හොර කපටියා මට propose කරන්න නේද හැදුවෙ. අප්පා මට අමතක වුනානේ අදට අපි දෙන්නා හම්බුවෙලා අවුරුද්දක්නේ. ඒක තමා බනියා මූඩ් ගහලා හිටියේ. හී... එයා අද මට propose කරයිනේ. දන්නෑ වගේ ඉන්නෝනෙ...'

තනියම හිනා වෙවී තමන්ටම කතා කරගත්ත කොල්ලා scrapbook එක තිබ්බ තැනින් තියන්න යනකොට දැක්කෙ බිම විසිරිලා ගිය ෆයිල් එක...

'ම්... මෙඩිකල් රිපෝට්ස්.. ඒත් කාගෙද මෙවා.. ඩේට් එකට තියෙන්නෙ ඊයේ දවස.. ම්... මොකක් බනීගෙ...'

මෙච්චර වෙලා සතුටින් හිටිය කොල්ලට දැනුනෙ පුදුමාකාර දුකක්, කේන්තියක් වගේම බයක්...

Misunderstand ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now