💥නොලද පෙම💥

230 34 3
                                    

.
.
.
.
.
.
.

"ඒ බං නැගිටහන්.මොකද බං අද වැඩට යන්නෙ නැද්ද. මං කීයෙ ඉදන්ද දැන් කතා කරන්නෙ යකෝ"

"පොඩ්ඩක් ඉන්න දියන්කො ඕයි"

මාගේ මිතුරා වන ජයේශ් උදෑසන මා අවදි කරන්නට වෙහෙසෙන්නේ අදක ඊයෙක සිට නොව. ඔහු සමග එකම කුලී නිවසේ ජිවත් වීමට පටන් ගත් දා පටන් උදෑසන මා අවදි කිරීමේ කාර්‍යය ඔහු නොපිරිහෙලා ඉටු කලේය. දින කිහිපයක සිට අඩු නින්දක් ලබාගත් මා අද දින වෙනදාටත් වඩා ප්‍රමාද වීම ඔහුගේ කෝපයට හේතු විය.

"ඇයි උබ නිවාඩුවක්වත් දැම්මද. යන්නෙ නැත්තන් කලින් කියහන් බං. බොරුවට මාත් ලේ පුච්චගන්නව උබ හින්දා"

"පිස්සුද ඕයි නොයා කොහොමද. මර්ඩර් කේස් එකක් වෙලා කියල O.I.C කෝල් කරා පොඩ්ඩකට කලින්. යන්නෙ නැතුව බෑ බං."

"එතකොට උබගෙ වැඩේ කරගන්නවත් නිවාඩුවක් දාන්නෙ නැද්ද. අනේ බං ඉක්මනට ඕකව හොයාගනින්කො. උබ විතරක් දුක් විදිනව නෙවෙයිනෙ. උබ දිහා බලන් ඉන්න අපිත් දුක් විදිනවා"

"හරි හරි බං. කොහොමත් අද හෙටම හොයා ගන්න පුලුවන්. ඔන්න බලන් ඉදහන්කො. මං කොල්ලව උසාගෙන හරි අරන් එනවා."

"උබට හරි යනවනම් එච්චරයි. ඕනෙ වෙලාවක කියහන් උබ එක්ක කවුරු නැතත් මං ඉන්නවා"

වෙනදට නොදැනෙන අමුතු හැගීමක් සමග පුරුදු පරිදි මාගේ හොදම මිතුරා වන 'ජයේශ්' සමග සංවාදයේ යෙදුනේ රාජකාරී කටයුතු සදහා පිටත් වීමට සූදානම් වන අතරතුරයි. මේ ගෙවුනු සති දෙකක් පුරාම මාගේ සිතෙහි එකම එක අරමුනක් පමණක් ක්‍රියාත්මකව තිබූ අතර දිවා රෑ නොබලාම ඒ සදහා යොමු වූයේ කෑමක් බීමක් හෝ අඩුම තරමින් නින්දක් හෝ නොලබාය.

නමින් 'ශේනුක මල්වත්තගේ' වන මා පොලිස් කොස්තාපල් වරයකු ලෙස දැනට වසර පහක් පමණ සිට 'සිලාවතුර' පොලිස් ස්ථානයේ දුශ්කර සේවයේ යෙදෙමින් සේවය කරන අතර මාගේ සේවා කාලය තුල මුහුනදීමට සිදු වූ සිදුවීම් මෙතෙක් යැයි කිව නොහැකි තරම් විය. මිණී මැරුම්, මංකොල්ල කෑම්, සියදිවි නසාගැනීම්, හදිසි අනතුරු, ගහ මරාගැනීම් ආදී එකී මෙකී නොකී සෑම සිදුවීමකටම සම්බන්ධ වෙමින් කටයුතු කිරීමට එදා සිටම මා හට අවස්ථාව හිමි විය.

නොලද පෙම (One Short)Where stories live. Discover now