CHAPTER 09

199 60 8
                                    



"ඩොක්ටර් කිම් ඉන්නෙ චෙකප් එකක සර්..සර් ට මං වෙන ඩොක්ටර් කෙනෙක්ව දාන්නද?"

රිසෙප්ශන් එකේ උන්නු නර්ස් හරි කාරුනිකව කියද්දි ජිමින් ඔලුව වනල එතනින් එහාට ගියෙ ෆෝන් එක අරගෙන..සමහරවිට මිස්ටර් නම්ජුන් ට කෝල් කරන්න වෙන්නඇති..ඒත් එක්කම මං බැලුවෙ තාමත් බයේ ගැහිගැහි ඉන්න  මනුස්සයව..ස්ටෝස් වල ලේබර්ස් ල දෙන්නෙක් තාමත් ඒ මනුස්සයව දෙපැත්තෙන් අල්ලගෙන..

"සර් අතුලට යමු"

ජිමින් හිනා වෙලා මං ගාවට එද්දිම එතනට ආපු තවත් නර්ස් කෙනෙක් රිසෙප්ශන් නර්ස් ට මොනා හරි කියල අපි ගාවට ඇවිත් අපිට කතා කරා..

"යමු"

ජිමින් මං එක්ක ඉස්සර වෙද්දි අසනීප කෙනාව හොස්පිටල් එකේ දෙන්නෙක් අල්ලගෙන ආවා..අපි ඩොක්ටර්ස් ලගෙ කැබින් මැදින් ඉස්සරහට ගිහින් නතර උනේ කෙලවරේම තිබ්බ ටිකක් ලොකු කැබින් එකක් ගාවින්..

"සර් මෙතනින් වාඩිවෙන්න..චෙකප් එක දැන් ඉවර වෙයි..ඊට පස්සෙ සර් යන්න"

නර්ස් එහෙම කියල එතනින් යන්න ගියා..මට ඉබේම බැලුනෙ කැබින් එකේ දොර දිහා..

"කිම් නම්ජුන්"

ඒකෙ තිබ්බෙ එහෙම..එතකොට මිස්ටර් නම්ජුන් කොහොමද ජියොන් පවුලෙ කෙනෙක් උනේ..මං එහෙම්ම හැරුනෙ ජිමින් දිහාට..ජිමින් ගෙ කට කොනක තිබ්බ හිනාව මට කිව්වෙ ඌට මගෙ හිතේ තිබ්බ දේ තේරුනා කියල..

"නම්ජුන් අන්කල් ඇඩප්ටඩ් කෙනෙක්ලු ටේ..ජන්ගුක් අන්කල් ගෙ අප්පා නම්ජුන් අන්කල්ව හදාගන්න අරගෙන.."

මගෙ ඇස් ආයෙම ගිහින් රැදුනෙ මිස්ටර් නම්ජුන්ගෙ නම ගාව..ඒත් එක්කම දොර ඇරිලා දොරෙන් එලියට ආවෙ පුංචි දරුවෙක් වඩාගත්තු තරුන ජෝඩුවක්..දරුවා නම් හොද නින්දක..

"කම්සමීදා ඩොක්ටර්…"

ඒ ජෝඩුව පිටිපස්සෙන් ආපු මිස්ටර් නම්ජුන්ට කීප සැරයක්ම ආචාර කරල අපිව පහු කරල යද්දියි මං දැක්කෙ ඒ ගෑනු කෙනාගෙ මූනෙ තිබ්බ කදුලු පාරවල්..

"ජිමින් මොකක්ද උනේ"

මිස්ටර් නම්ජුන් මාත් එක්කත් සුහදව හිනාවෙලා ජිමින් ගෙන් ඇහුවෙ හරිම සැහැල්ලුවෙන්..ජිමින් අපිට එහායින් උන්නු ස්ටෝස් වලින් ගෙනාව මනුස්සයව පෙන්නුවා..මිස්ටර් නම්ජුන් බර හුස්මක් අරන් හොස්පිටල් අටෙන්ඩන්ට් ලට ඔලුවෙන් ඉගි කරේ එයාව ඇතුලට ගෙනියන්න කියල..මිස්ටර් නම්ජුනුත් ඇතුලට යද්දි මාත් ජිමින් එක්ක ඇතුලට ගියා..

BRING THE SOUL Where stories live. Discover now