Puma 7🏴‍☠️

153 43 1
                                    

"ඔහෝ දැන්ද දෙන්නට කාමරෙන් එලියට එන්න මතක් වුණේ..."

ටේ කින්ඩියට වගේ හිනාවෙවී ඇහුවෙ කාමරෙන් එලියට එන ජින්ගෙනුයි නම්ජූන්ගෙනුයි. ඇගට මහන්සියක් දැනුණත් මේ හදිස්සියේ තමන්ට විවේක ගන්න බෑ කියලා දන්න නිසාම ජින් නම්ජූන්ගෙ අත අල්ලගෙන හෙමීට අනිත් අය ට නොපෙනෙන්න ඇවිත් වාඩි වුණා.

"දැන් නන් ජන්ග්කුක්ලාට එන්න වෙලාව හරි නේද."

යුන්ගි ඇහුවෙ ඔළුවත් කස කස.

හොබී ඒකට දෙයක් කියන්න කට ඇරියා විතරයි එයාලට ඇහුණෙ පහලින් නවත්තන බයික් සද්දෙ.

"ම්ම්....ඔය එන්නෙ ජන්ග්කුක්ලා වෙන්න ඕන. කෝකටත් කියලා අවුලක් වුණත් නැතත් මම එයාට කිව්වා වාහනේ ලෝටස් ලේන් එකෙ දාලා බයික් එක අරන් එන්න කියලා."

නම්ජූන් කිව්වෙ වාඩිවෙලා ඉදපු පුටුවෙන් නැගිටින ගමන්. නම්ජූන් විතරක් නෙවෙ හැමෝම බලාගෙන හිටියෙ තමන් බලාපොරොත්තුවෙන් ඉදපු පුද්ගලයගෙ පැමිණීම. ටිකකින් එයාලට ඇහුණෙ තරප්පු පෙල නැගගෙන උඩට එන අඩි සද්දෙ. දොර ඇරියෙ ජන්ග්කුක් ජිමින් ආවෙ ඊට පිටි පස්සෙන්.

"බොස්."

ජිමින් දැකපු ගමන් නම්ජූන්ට කියවුණේ එහෙම.

ඒකට නන් ජිමින්ට ලාවට හිනාවක් ගියා. එයාලා ඇතුලට ආවාට පස්සෙ ජන්ග්කුක් දොර වහලා අගුල් දැම්මා.

"කොහොමද කට්ටියට.. කාලෙකින් නේද අපි හම්බවෙන්නෙ"

ජිමින් ඇහුවෙ ලග තිබිච්ච පුටුවක් ඇදලා අරගෙන ඉදගන්න ගමන්.  රටක් ඉදිරියෙ ව්‍යාපාරිකයෙක් වුණාට ජන්ග්කුක් ඉදිරියෙ කුකුල් කේන්තිකාරයෙක් වගේ බොලදව හැසිරුණාට  ජිමින් කියන්නෙ සැහැල්ලු චරිතයක්. හැබැයි එයා අහිංසක චරිතයක් නෙවෙයි. එයාගෙම නීති රාමුවකට අනුව නීතිගරුක ,මුරණ්ඩු , බුද්ධිමත් ඒත් ඇතුලාන්තයෙන් දරුණු අදහස් දරන චරිතයක්.

ජිමින් එහෙම කියද්දි ටේ ඔළුව වැනුවෙ ඒඛ අනුමත කරන්න වගේ. එයාලා කාටවත් හිතාගන්න බැරි වුණා තමන්ගෙ ඉස්සරහා ඉන්න ජිමින්ට එයාලා මොනවා කියන්නද කියලා. කතාබහක් පටන් ගන්න තරං අදහසක් කාටවත් තිබුණෙ නෑ. මොකද ජිමින්ගෙ චරිතයේ දරුණුම සීමාවෙදි එයාගෙ හැසිරීම දැකලා තිබුණ නිසා ඒ කිසිම කෙනෙක් ජිමින් එක්ක අනවශ්‍ය විදියට කුලුපගු වෙන්න ගියේ නෑ.ජන්ග්කුක්  දෙයක් කියන්න ගිහිං ඒක ආයෙ ගිලගත්තෙ ඒක මේ වෙලාවට සුදුසු නෑ කියලා හිතිච්ච නිසයි

🐾𝐃𝐚𝐫𝐤 𝐏𝐮𝐦𝐚 [𝐉𝐢𝐤𝐨𝐨𝐤]☠️ Où les histoires vivent. Découvrez maintenant