Chapter 02

20 4 5
                                    

දේවා ****** ආයතනයට ඇතුල් වෙද්දි ඉස්සරහම උන්නෙ නිලක්ශ එක්ක එයාගෙ යාලුවෝ කට්ටිය.ඔහු තමා කල්පනා මිස්ගෙ පුතා.දේවා ඔවුන්ව නොදැක්කා වගෙ එතනින් යන්න ගියත් එක කොල්ලෙක් කියපු දේ නිසා ඇයට දුකක් එක්කම තරහක් ආවා.

"ආහ්,,අන්න 😂"

දේවා කිසිම දෙයක් නොකියා ඉස්සරහට ඇවිද ගියා.දන්න කාලෙ ඉදලා ඇය මේ වගේ දේවල් වලට මුහුණ දෙනවා.සමහර ඒවා දරාගෙන ඉන්න බැරි තරමටම අප්පිරියයි.ඒත් පුංචි කාලේ ඉදලම ඇයට මේ දේවල් හුරුයි.පුදුමයකට කියන්නේ කවුරු මොනා කිව්වත් ඇයට ඇඩෙන්නෙ නෑ තරහා යනවා මිසක්. ඔවුන්ව ගනන් නොගෙන ඉදිරියට ඇදුන ඇය නැවතුනේ 9:00 ලෙක්චර් එක තියෙන තැනින්.

"අපෝ අද ඉන්නෙ මේ මිස් ද 🥲"

දේවා කල්පනා කලේ ඇතුලෙ සිටින ගුරුවරිය දෙස බලන්.fashion design ගැන ඉගෙන ගන්න මෙතනට ආවත් හරි ඇයට කිසිම කෙනෙක්ගෙන් ආදරයක් ලැබුනෙ නෑ.එහෙමයි කියලා ඇයට පාසල් ජීවිතෙත් කිසිම යහලුවෙක් සිටියේ නැහැ,හැමෝම කිව්වෙ ඇනුම්පද විතරයි.ඒ ඇගෙ නම නිසත් ඇයට පියෙක් නැති නිසා.පියෙක් නැති එක ඕපාදූප හොයනා අයට හොද මාතෘකාවක් කියලා දේවා දන්නවා.ඇය හැමතැනකින්ම සැගවී ඉන්න උත්සහා කලත් ඇගෙ මව දේවාට හැමදේම හරියටම කරන්න කියලා දුන්නා වගේම ඇයගේ සෑම මානසීකව කඩා වැටීම් වලදි ශක්තියක් උනා.ඉතින් දේවාට බැරි උනා තමන්ගෙ මවගෙ ඉල්ලීම අහක දාන්න.මොකද ඇයගෙ පුංචි කාලෙ සිටම හීනය උනේ නැටුම් ගුරුවරියක් වෙන එක.ඒත් දේදුණු නිසා හැම හීනයක්ම ඇය අත හැරියා.ඉතින් දැන් ඇයට අවශ්‍ය, නැහැ ඇගේ මවට අවශ්‍ය දේවා fashion designer කෙනෙක් වෙනවා දකින්න.ඒත් දේදුණුට ඕනා උනේ ඇයට වඩා ඉහල පැලැන්තියේ අයත් සමග දේවා ගණුදෙනු කරනවා දකින්න.ඒක දේදුණුගෙ හීනය.

ලොකූ හුස්මකින් පපුව පුරවගත් දේවා ඇතුලු උනෙ පංති කාමරයට යන්න.

ලොකූ හුස්මකින් පපුව පුරවගත් දේවා ඇතුලු උනෙ පංති කාමරයට යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඇය නොකියාම ගියා ❤️‍🔥Where stories live. Discover now