01st Episode

89 21 1
                                    

"යාහ් යාහ් ඔහොම නවතිනවා.."

"හූ.. හූ.. ජීමින්.. ඔයාට බෑ මාව අල්ලන්න.."

ගාඩ්න් එක පුරා හිනාවෙවී දුවන නූරි පස්සෙන් ජීමිනුත් දුවන්නෙ කෑ ගහන ගමන්..

පාර්ක් ජීමින්.. එහෙනම් නැත්නම් ප්‍රසිද්ධ BTS ජීමින්..

"යා යා මාව අල්ල ගන්න එපා ඔය ඩබලගෙ කෝලම් වලට.."

ජීමින්ගෙන් බේරෙන්න හිතාගෙන දුවගෙන ආපු නූරි මාලු ටැංකිය දිහා බලාගෙන හිටපු යුන්ගිගෙ පිටිපස්සෙ හැංඟෙනකොට ජීමින් නූරිව අල්ලන්න ලොකු උත්සාහයක් ගත්තා..

යුන්ගිව ජීමින්ගෙ ඇඟට තල්ලු කරපු නූරි පොන්ඩ් එකෙන් වතුර ටිකක් ජීමින්ට ඉහලා දුවගෙන ගිහින් ගල් බැංකුවෙන් වාඩි උනේ හති අරින ගමන්..

"යා.. මාව අත අරින්න.. ජිමී... වැටෙයි අනේ.. වැටෙයි.."

නූරිගෙ ඉනෙන් උස්සලා ගත්තු ජීමින් නූරිව වටේට කරකවන්න ගත්තෙ නූරිගෙ හිනා හඬ මුලු ගාඩ්න් එක පුරා ම දෝංකාර දෙනකොට..

නූරිව ගල් බංකුවෙන් පරිස්සමට වාඩි කරවපු ජීමින් නූරිගෙ එහා පැත්තෙන් වාඩි වෙලා උකුලෙන් ඔලුව තියා ගත්තා..

"මට මහන්සි බබා.."

ජීමින්ගෙ සිනිඳු කෙස් අතරෙ ඇඟිලි අරගෙන ගිය නූරි..

" ඔයා මහන්සි වෙනවා වැඩී චිමී.. කෝ නැගිටින්න මං ඔයාට කූල් ඩ්‍රින්ක් එකක් හදන්නම්.."

කියලා ජීමින්ගෙ නලලට හාදුවක් තිබ්බා..

"මගෙ මැණික ඉන්නකොට මට කොයින්ද මහන්සියක්.."

නූරිගෙ කම්මුලට හාදුවක් තියපු ජීමින් බංකුවෙන් නැගිටලා නූරිව ඇදලා ලඟට අරං ඉන වටේ අත දාගෙන ඩෝර්ම් එක ඇතුලට ගියේ හිනා වෙන ගමන්..

"ජීනී ඔප්පා..."

ලෙහිලා තිබුණු කොන්ඩෙත් උඩට කරලා ගැට ගහන ගමන් කුස්සියෙ සින්ක් එක ලඟ උන්නු ජින් ලඟින් හිට ගත්තු නූරි ප්‍රැන්ට්‍රි එකට හේත්තු වෙලා හුරතල් වෙන්න ගත්තෙ ජින් බොරු තරහකින් නූරි දිහා බලනකොට..

'අනෙ යන්න නූරි.. කොල්ලා ඉන්නකොට අපි උන්න ද මලා ද නෑ.. දැං එනවා බොරුවට හුරතල් වෙන්න.."

"අයිගෝ.. අයිගෝ.. මෙන්න මෙයා.."

නූරි ඉනටත් අත් දෙක තියාගෙන බෙල්ලත් පැත්තකට හරවගෙන ජින් දිහා බැලුවා..

"ඇයි"

"කොල්ලා එක්ක හුරතල් නොවී මං වෙන කා එක්ක හුරතල් වෙන්න ද අනේ.. ඔන්න ජිනී ඔප්පවත්.."

"ආ ආ මේ.. ඕවා මං ඉස්සරහ කිව්වට සේයා ඉන්න තැන එහෙම කියනවා නෙමෙයි.. අල්ලලා ගහයි පොලවෙ.. මෙන්න මේ ඩ්‍රින්ක් එක ජීමින්ට ගිහිං දෙන්න.."

ෆ්‍රිජ් එකෙන් ගත්තු ජූස් එක නූරි අතට දීලා ජින් එළවලු හෝදන්න ගත්තා..

"මට කෝ..."

"ඕනනං අරං බොන්න පුළුවන් ෆ්‍රිජ් එකේ තියෙනවා.."

"ඔප්පාආආආආආ"

"හනෙව්...  කන..😩"

ජින්ට ගස්සගෙන කුස්සියෙන් ආපු නූරි ජීමින්ට ජූස් එක දීලා සෝෆා එකෙන් වාඩි උනා..

"චිමී.. මං යන්න ඕනා.."

"ඇයි බබා දැං ම තව ටිකකින් යමුකෝ.. මට ආයෙ කවදා නිවාඩු ලැබෙයි ද දන්නෑ බබා.. ලබන මාසෙ පැරිස් කොන්සර්ට් එක නිසා එක දිගට වැඩ.."

"මට බයයි චිමී ඔයා ලෙඩ වෙයි කියලා.. ඔයා ගොඩක් මහන්සි වෙනවා.."

ජීමින්ගෙ පපුවට තුරුළු වෙලා හිටපු නූරි පපුව පුරා ඉරි අඳින ගමන් කිව්වා..

"බය වෙන්න එපා බබා.. මම හොඳින්.. අනිත් එක මට අපේ සම්බන්ධෙ ඔෆීශියල් එනවුස් කරන්න ඕන.."

"මොහ්"

ජීමින්ගෙ පපුවෙන් ඈත් උණු නූරි ඇස් දෙකත් ලොකු කරගෙන ජීමින් දිහා බලාගෙන හිටියා..

"ඇයි බබා ඔයා කැමති නැද්ද?"

" අ අනී.. ම මේ මෙච්චර ඉක්මනට?"

"තවත් බෑ බබා.. මට බෑ මෙහෙම හැංගි හැංගි ආදරේ කරන්න.. අපිටත් කියලා නිදහසක් නැද්ද? මමත් මනුස්සයෙක්!"

"මම දන්නවා චිමී.. ඒත් තව ටික කාලයයි.. තව අවුරුදු තුනයි චිමී.. ඊට පස්සේ ඔයයි මමයි නිදහස්.. අපි එතකල් ඉවසගෙන ඉමු..ආ.."

"හ්ම්.."

"රෑ වෙනවා චිමී.. ඔම්මා බලං ඇති.. මම යන්නම්.."

ජීමින්ගෙන් ඈත් උණු නූරි ඩෝර්ම් එකේ අනිත් අයටත් යනවා කියලා එලියට බැස්සෙ ලොකු හුස්මක් පිට කරන ගමන්..

"මියානේ නූරියා.. මට කල් දෙන්න.. මං ඉක්මනට අපේ සම්බන්ධෙ ලෝකෙට කියනවා.."

නූරි ඈත් වෙලා යන හැටි බලාගෙන හිටිය ජීමින් තමන්ටම කියා ගන්න ගමන් ජූස් එකේ අන්තිම උගුරත් බීලා දැම්මා..

_________________

To be continue..

I am a human || PJM || COMPLETED√Where stories live. Discover now