32#

830 174 46
                                    

" ඔයා ඔය අඩනවද ? "
ජන්කුක් ඇස් ලොකු කරන් එයාගේ පපුව මත මුහුණ ඔබාගෙන සිටිනා ජිමින්ගේ කනෙන් ටිකක් උස්සලා මුහුණට එබුනා.

" ඈහ්.........ඈ........ "
ජන්කුක් අත අයින් කරලා ජිමින් ආයේ ජන්කුක් මස් පිරුණු පපුව මත මුහුණ ඔබා ගත්තා.

" ඒක හරි අමුතු පාටයි අයියෝ.....ඔයා හබි කියපු විදි‍ය හිනාත් යන්..........ආහ්........ජිමිනා........ "
ජන්කුක් පිස්සෙක් වගේ දගලන්න ගත්තේ ජිමින් ජන්කුක්ගේ පපුව හයියෙන් හපපු නිසයි.

කොච්චර හයියෙන්ද කියනවනම් ජන්කුක් යටිගිරියෙන් කෑගන්න වුනා.

අන්තිමේදි බැරිම තැන ජන්කුක් ජිමින්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා ජිමින්ව පස්සට තල්ලු කරලා අත් දෙකෙන්ම පපුව අල්ලගත්තා.

ජිමින් ජන්කුක් ඔරෝන ගමන් නහය උඩට ඇදලා කටපිහිදගත්තා. ජන්කුක්ගේ කමිසයේ පපුව හරිය කදුළුයිවලින් පෙගිලා.

ජන්කුක් කමිසේ අස්සට ඔලුව දාලා එයාගේ පපුව දිහා බැලුවා.

" ඈහ්..... !! මේ බලනවා..... "
ජන්කුක් කෑගහන් ඇස් ලොකු කරලා ශර්ට් එක දෙපැත්තට ඇදලා පපුව නිරාවරණය කරලා ජිමින්ට පෙන්නුවා.

ජිමින්ගේ දත් වල අච්චුව හරි හුරුබුහුටියට සටහන් වෙලා තිබ්බේ..... ' මෙය ජිමින්ගේ දේපළකි ' කියන්න වගේ.

ජිමින් නහය රතු කරන් තාම ජන්කුක්ට ඔරෝනවා. 

" ඔයා මාව හැපුවා.... !! "
ජන්කුක් ඇස් ලොකු කරලා අහනවා.

" ඔයා මාව පිලිගත්තේ නෑනේ තාම !!  "
ජිමින් කෑගහනවා .

" මොනාද පිළිගන්න ඕන ?  "
ජන්කුක් හරි අසරණ විදියට අහනවා.

" ඔයා මට ආදරෙයි කියලා හරියට පිලිගන්න..... ! "

" හරි පිළිගත්තා "
ජන්කුක් ඔලුව වනලා කියනවා. ජිමින් තරහට රතුවෙලා.

එයා හිතන් ඉන්නේ ෆිල්ම් වල පෙන්නනවා වගේ දීග රොමාන්තික හෑල්ලක් කියලා ඊටපස්සේ චොක්ලට් ගෝඩාක් මිලදිගෙන දීලා . උණුසුම් වැළදගැනිමක් සමග ආදරණීයා හාදුවක් එක්ක කරන පිළිගැනිමක්.......

එදා කාර්‍යාලයේදිත් ජන්කුක් හරිහමන් විදියට දෙයක් කිව්වේ නෑනේ. ඉතින් ජිමින්ට තරහයි.

𝑺𝒐𝒓𝒓𝒚 || 𝑱𝒊𝒌𝒐𝒐𝒌 𝒇𝒇 ||Where stories live. Discover now