💙25🖤

704 115 15
                                    

මාස තුනකට වඩා මිතූ හිටියෙ එක තැන. මිතුගෙ බිස්නස් හැඩල් කලේ තරිදු. කේශර නිතරම මිතු ගාව හිටියා. සේලයින් මාරු කරන්න මිතුගෙ අනික් බෙහෙත් විදින්න. එත් වැඩි කල් එක කරන්න වුනේ නෑ චාරුක නිවාඩු අරගෙන මිතුගෙ ගෙදරම නවතින්න ආවා. විශ්ව මුකුත් නොකියා හිටියෙ එයාට චාරුකගෙ ආදරේ තේරුම් ගන්න පුලුවන් නිසා. දැඩි බලකිරීමට කේශර තරිදු එක්ක බිස්නස් වැඩ වලට චාරුක යැව්වේ මිතු තාමත් එයාගෙ විතරයි කියලා කේශරට කියන්න වගෙ.

"අකමැත්තෙන් ආවා වගෙනෙ හැසිරෙන්නෙ..." තරිදු කේශරගෙන් ඇහුවේ කේශර මුකුත්ම කතාවක් නැති නිසා..

"නෑ ඉතින් එයා එන්න කලින් මමනෙ ඉන්නෙ එයා ගාව වෙනදට. අද පාලුයි වගෙ."
"මාත් එක්ක ඉද්දීද පාලු."
"නෑ මම ඔයා ගැන ඔක්කොම දන්නවා. ඔයා විහිලු කරද්දී කෙල්ලො බය වෙනවලු නේද?" කතාව කනපිට පෙරලන්න හදන කේශරගෙ නෝන්ඩි වචන වලට තරිදු පුදුම වුනා.
"ඔයා කොහොමද දන්නෙ.."
"අනික් එක ඔයා රෝමැන්ටික් වෙනකොට කෙල්ලො බයෙ දුවනවලු නේද?"

"ඒයි මිතු කොච්චර කිව්වද?"
"හැමවේලෙම එයාගෙ කටෙ තියෙන්නෙ තරිදු නැත්තම් චාරුක... උපේ අම්මා ගැන කියවන වේලාවට එයා ඉන්නෙ හරිම දුකින් එත් ඔයා ගැන කියද්දී සතුටෙන් වගෙ එත්....."
"ඇයි ඒත් කියලා නැවතුනේ..." තරිදු ටික ටික අමුතු වෙන කේශරගෙ මූණ දිහා බැලුවා.
"එත් චාරුක ගැන කියද්දී ඔය හැමදේම මූණ පේනවා එයා නැති පාලුව, දුක, සතුට වගෙ ගොඩාක් හැගීම්..."
"ඉතින් එකට ඔයා කැමති නැද්ද? ඔයා මිතුට කැමතිද?"
"මම මිතුට කැමති. මගෙ මල්ලිට වගෙ. මොකද එයා මාව සහෝදරයා කියන තැන නිතරම තිබ්බා. මමත් එහෙමයි එතනින් එහාට යන්න මට ඕනේ නෑ. එත් මට දුකයි එයාට චාරුක එහෙම කරපු එකට..."
"කොහොමද මොකක්ද?"
"එදා ඇක්සිඩන්ට් එක වුනේ මම එයා එක්ක නොගිය නිසා. එත් ඒ එක්ක නොගියෙ චාරුක. මට කේන්ති ඒත් මට සතුටුයි මගෙ මල්ලිට එයා එච්චර ආදරේ කරන එකට."
 
කේශර කිව්වේ අවංකවමයි. එක ඒ ඇස් වලින් හොදට පෙනුනා.

"ඉතින් ඔයා කොල්ලොන්ටද කෙල්ලොන්ටද කැමති..." තරිදුටත් ඕනෙ ඇති මගුලක් නෑ වගෙ අහද්දී කේශර හිනා වුනා.

"ඇයි හිනා වෙන්නෙ..."
"ඔය ප්‍රශ්නේ මිතුත් මගෙන් ඇහුවා. ඔයාලා දෙන්නා නම් අයියයි මල්ලිද කොහෙද?"
"ඕහෝ.... ඉතින් ඉතින්"
"මම කෙල්ලොන්ට කැමති 2 පාරක් බූට් කෑවේ කෙල්ලොන්ගෙන්. දැන් කෙල්ලෙක් හොයනවා. එත් හරියන එකක් සෙට් නෑ."
"මේක කොහොමද අපි දෙන්නම කෙල්ලො හොයමු.. මටත් චාරුකගෙ නංගි චාරුනි බූට් තිබ්බා."
"ඇයි ඒ..."
"අනේමන්දා.. වෙන කොල්ලෙක් නිසා වෙන්නත් බෑ. එත් එයා කිව්ව අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ කියලා."
"හේතුව..."
"ඇත්ත මට එහෙම එල්ලිලා ලව් කරන්න ඕනේ කියන හැගීම තිබ්බේ නෑ. මට මතක් වෙන්නෙ ඉදලා හිටලා. එහෙම සීන් නිසා එයා කිව්වා. මට දුකක් තිබ්බත් හා කිව්වා ආයෙ රණ්ඩු කරලා වැඩක් නෑ..."
"ඇත්ත. එහෙම බලෙන් තියාගන්න ඕනේ නෑ..."
"එනි වේ... ඉතින් කොහෙන් හරි කමුද බඩගිනි..."

💙නැවත ඔබ වෙත🖤 (Complete)🙈Where stories live. Discover now