CHAPTER-7🎯

193 67 11
                                    

Yoongi perspective :

කාර්යබහුල දවසක නිමාවට පස්සෙ මම  කලබලවෙලා ගෙදරට ආවෙ,  වෙනදට එක පැයභාගයක් පරක්කු වුනත් මට කෝල් කරන ජිමින්ගෙ එක මැසේජ් එකක් වත් නැති නිසා.

ගෙදරට අඩිය තිබ්බ ගමන් මන් සිහියක් නැතුව දුවන් ගියේ අපේ නිදන කාමරේට "ජිමින් ....ජිමින්.." මම කෑ ගගහ කතා කරත් කාමරේ කිසිම කෙනෙක් පේන්න නොහිටිය නිසා මම ඊළඟට දුවන් ගියේ නාන කාමරේට ...ඒ විදියට ගෙදර තිබුනු හැමතැනම පරික්ෂා කරත් ජිමින් පේන්න හිටියෙ නෑ ..මන් මගෙ නළලෙ අත ගහගත්තෙ හොඳටම කලබල වෙලා හිටපු නිසා ..

මම හුස්ම ගන්න හඬත් ඔරලෝසුවෙ ටික් ටොක් හඬත් විතරක්  ඇහෙන තරමට මැන්ශන් එකේ තිබුනෙ නිහැඬියාවක්.." නම්ජුන් හ්යුන් ..." මටම කියාගන්න ගමන් මම දුරකතනය අතට ගත්තා ..ඒ එක්කම මට  ඇහුනෙ දිරපු ලී  ඇතිල්ලෙනවා වගේ ' චිරි චිරි හඬක්
ඒත් ඒ හඬ කොහෙන්ද-?..හහ්!!... ගබඩා කාමරේ නේද !!!
එ මොහොතෙයි මට ගබඩා කාමරේ ගැන මතක් වුනේ ..මම ඉක්මන් වුන තරම කොච්චරද කියනවනම් මම ගබඩා කාමරේ පඩි පෙළ දිගේ දිව්වෙ වැටි වැටි ...." ච්-චිමි ...චිමී.....!!ඔයා ඉන්නවද ......චිමී ..."

ගබඩා කාමරේට ගිය මට දැකගන්න ලැබුනෙ තවත් වහල දාපු කුටියකුයි ..තවත් පරක්කු නොකරම මම ඒ තුළට දිව්වෙ ලී  ඇතිල්ලෙන විදියෙ හඬක් නිකුත් වුනේ ඒක  ඇතුලෙන් නිසා.

" මැනික--මොකද්ද ඔයා---"  එයාට කරදරයක් වෙලාද දන්නැහැ කියල හිතන් මම දුවන් ආවත් ජිමින් ඒ අඳුරු වුන කුටියෙ පරණ  ඇඳක් මත හිටගෙන බිත්තියක් දිහා බලාගෙන ඉන්නවා දැක්කම මට පුදුම හිතුනෙ මම මේ තරම් කෑ ගහලත් එයා කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු එකට .

"බබා!" මම උස් හඬින් කතා කරාම ජිමින් එක වරම මගෙ දිහා හැරිලා බැලුවා .." මොනවද ඔය කරන්නෙ මේ මහ පාන්දර බිත්තියක් දිහා බලාගෙන !?මම  අච්චර කෑ ගහලත් එක වතාවක් වත් මට උත්තර දුන්නෙවත් නෑ " මම එයාට බැනවැදුනෙ මට  ඇත්තටම කේන්ති ගිහින් හිටපු නිසා .ඒත් ජිමින්ගෙ කිසිම විදියක ප්‍රතිචාරයක් ලැබුනෙ නැත්තෙ මාව තවත් කේන්ති ගස්සවමින් .

මන් අඩියට දෙකට එයා ළඟට යද්දි ජිමින් පස්සෙන් පස්සෙට ගිහින් පිටිපස්සෙ තිබුනු බිත්තිය බදාගත්තෙ හරියට මම බිත්තියට මොනවහරි කරන්න ආවා වගේ .." මොකද ඔයාට වෙලා තියෙන්නෙ හහ්! මට හොල්මන් පෙන්නනවද .." මන් කෑ ගැහුවත් ජිමින්ට ඒකෙ ගානක් තිබුන බවක් පෙනුනෙ නෑ ...එයා එයාගෙ  ඇඟිල්ල මගෙ පිටුපසින් තිබුනු බිත්තියට යොමු කරේ මමත් පිටුපස හැරිලා ඒ බිත්තිය පැත්ත බලන්න අවධානය දෙද්දියි.

____________________________________

FOxY✨

ţ я ѧ p p є Ԁ !! | ⓨⓞⓞⓝⓜⓘⓝ ✔Where stories live. Discover now