සෙබල පුතුගෙන් ලිපියක්.......

62 7 7
                                    


🖤අම්මේ........

💔
මව්බිම සිතා තම පණ මෙන් හැමදාම......
මම ගියෙ යුද්ධයට ලක්මව වෙනුවෙන්ම......
උපන් රටට බෑ මා හට ණයවෙන්න......
සමාවෙන්න අම්මේ ඔබෙ කොල්ලාට.......

💔
දවසින් දවස යුද්ධය අවිලෙයි තදට......
මා යන්නේ ඇවිලෙන ගිනි නිවන්නට......
දිනයක් මාත් බිලිවෙයි යුද ගින්නකට......
අම්මේ නොහෙළනු කඳුළක් මා
නමට.......

💔
විය හැක මේ ලිපිය අවසන් ලිපිය මගේ........
සිතේ ඇති පැතුම තැන්පත් කරමි මෙසේ.......
සැතපෙන්නට වුනොත් මාහට මිනී වලේ.......
ආදාහන එපා වලලනු උපන් බිමේ........

💔
අම්මේ දන්නවා ඔය හිත පිච්චෙනවා.......
තාමත් ඔයා මං වෙනුවෙන් වදවෙනවා........
ඔබෙ බස් නොඇසුවට සමාව අයදිනවා.........
ඊළඟ භවේදීත් මා ඔබෙ පුතු වෙනවා..........

💔
අට විතරක් සමත් බව සැම පවසන්නේ........
අප විඳිනා දුක අප පමණයි දන්නේ........
ළඟ සිටි මිතුරා අද නෑ ඔහු දිවි දුන්නේ........
ඔහු වෙනුවෙන් නොවේ ලක්මව වෙනුවෙන්නේ........

💔
අම්මේ නැවත නැවතත් මට දෙන්න සමා........
තාත්තා මට තැලුවත් ලඟ නැහැ තරහා.......
ඒ දඬුවම නිසා මං අද රණවිරුවා.......
නැතිනම් මාත් අද දඟගෙයි සිරකරුවා.......

💔
දන්නවා ඔබටත් තිබ්බා හීන ගොඩක්........
ආස වුනා වෙනවට මං මහත්තයෙක්......
කෝට් එකට බැඳ ලස්සන ටයි පටියක්.........
ආඩම්බරෙන් පැවසිය හැකි රැකියාවක්.......

💔
අන් අයගේ හිත් නැවතුනු මුත් එතන.........
මගෙ හිත නැවතුනු තැන යුද නිළ ඇඳුම.........
නමුදු ඒ ඇඳුම පිට ඇති මහ දුක් කන්ද........
දහිරිය නිසා මන් කෑවා ඒ කට්ට.........

💔
හිතෙනව මටත් ගුලිවෙන්නට ඔබෙ තුරුලේ.......
වැටෙනව කඳුලු බිඳු ලියනා අකුරක් ගානේ..........
එන්නට හිතයි දුවගෙන මට එක පිම්මේ.........
අම්මේ නැත දුකක් මා හට කිසිම හිතේ............

💔
ඇති දැන් ඇඬුවා කඳුලුත් ලඟ නැත
ඉතිරී.......
මගේ තීරනේ ගැන අදටත් සතුටු වෙමී........
පසුතැවෙන්නේ නෑ මැරුණත් යුද්ධයෙදී.......
ඊලඟ භවේදිත් මම නුඹෙ පුතුම වෙමී.........

💔
සුවහසක් මව්නි ඔබටයි මේ වදන.......
තව තව ඕනේ සෙබල පුතුන් මගෙ රටට........
දිය හැකිනම් ඔබට ඔබෙ පුතු ලක් මවට........
සැක නෑ කිසිත් ඔබ මතු බුදු වෙනවාට........

♥❤️♥❤️♥❤️

A.A.B.Sathsarani🖤💜
stay safe♥

please give your comment ❤️❤️

You've reached the end of published parts.

⏰ Last updated: May 13, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

සෙබල පුතුගෙන් ලිපියක්💔Where stories live. Discover now