Part 01

968 167 30
                                    

ONLY MINE

" වන්ග් යීබෝ....වන්ග් යීබෝ.. ඔයා කොහෙද කොල්ලෝ... "

දනිපනි ගා තමන්ගෙ හොටෙල් යුනිෆෝම් එකට මාරු උන යීබෝ තම කලු පැහැති අත් කොට කෝට් එකේ බොත්තම දාගන්න ගමන් කාමරයෙන් එලියට එද්දී සර් ඉන්නවා කොල්ලා එනකල් බලාගෙන...

💚 සර්...

" අහ්.. කොල්ලෝ.. කාලද.. "

💚 තාම නෑ සර්...

" එහෙනම් කන්න ගිහින්.. අද රෑ ලොකු වැඩක් තියෙන්නේ කියලා දන්නවනේ.. ලොකු Business  party එකක්නේ තියෙන්නේ.. ලොකු ලොකු Businessman  ලා ගොඩාක් එනවා අද.. ඉතින් කිසිම විදියක අතපසු වීමක් නම් වෙන්න බෑ කොල්ලෝ.. මන් මේ ඔයාවම මේකට දැම්මේ.. නෑ බෑ නොකියා ඔයා ඕන වෙලාවක වැඩ කරන්න කැමති නිසා... "

💚 හරි සර්.. ප්‍රශ්නයක් නෑ.. මට පුළුවන්.. බාර් එකේ මන් විතරද එතකොට අද...

" නෑ මන් සුෂීට කිව්වා ඔයාගේ Side Support  එකට ඉන්න කියලා.. කොල්ලා උදව් කරයි.. ඔයාට තියෙන්නේ ගානට ඔක්කොම බැලන්ස් කරන්න... "

💚 හරි සර්...

සර් යන්න ගිය ගමන් යීබෝ ආයෙමත් කාමරේට රිංගුවේ කුඩා කලු පැහැති බෝ එක කොලර් එක අස්සේ රදවගන්න ගමන්...

දිගු කණ්ණාඩිය ඇතුළින් පේන තමන්ගෙම රූපය දිහා බලපු යීබෝට නැගුනේ හරි ආඩම්බරකාර හිනාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දිගු කණ්ණාඩිය ඇතුළින් පේන තමන්ගෙම රූපය දිහා බලපු යීබෝට නැගුනේ හරි ආඩම්බරකාර හිනාවක්.. ඔව්.. එයා ගොඩාක් ආඩම්බර කොල්ලෙක්.. හැබැයි එයාට ආඩම්බර වෙන්න කියලා ලග තිබ්බ එකම දේ එයාගේ පෙණුමම විතරක් උනා...

වන්ග් යීබෝ.. වයස අවුරුදු 24ක කොල්ලෙක්.. පෙනුම වගේම එයාගෙ ගතිගුණත් ගොඩාක් සීතල උනා කිව්වොත් හරි...

එයා තාම ඉගන ගන්නවා... ශැංහයි විශ්වවිද්‍යාලයෙ Business Management තමයි කොල්ලා කරන්නේ.. ඒත් ඉතින් ඉගන ගන්නකොට කොච්චර වියදම්ද... ඒ වියදම් දරන්න නම් යීබෝට කවුරුත් හිටියේ නැ.. ඒ වගේම යීබෝට ඉන්නවා පුංචි නංගි කෙනෙක්.. තාමත් පාසල් යන කෙල්ලගෙ බරත් කොල්ලගෙ කර උඩට වැටුනේ කෙල්ල පුංචි කාලෙම දෙන්නගෙ අම්මා තාත්තා මිය ගියාට පස්සෙයි...

◤ 🅾🅽🅻🆈 🅼🅸🅽🅴 ◢                            ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now