Part 02

720 162 27
                                    

ONLY MINE

දවසේ බොහෝ රාජකාරි අවසන් වී ශියාඕ චාන් සූදානම් උනේ අද තියෙන  Business party එකට යන්න.. කලු පාට ෆුල් සූට් එකෙන් සැරසුන චාන් තමන්ගේම රූපය කණ්නාඩියෙන් බලන් උන්නේ ආඩම්බරයෙන්.. ආඩම්බරයෙන් කිව්වට ඉතින් එයා ආඩම්බර කොල්ලෙක් නෙවෙයි.. එයා නිහඩ උනත් අහිංසක කොල්ලෙක්..

" ඔන්න එහෙනම් මන් ලෑස්තියි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔන්න එහෙනම් මන් ලෑස්තියි.. "

තවත් වරක් කණ්ණාඩියට එබුන චාන් හැඩ බලලා පිටත් උනේ කෝල් එකක් ගන්න ගමන්...

"ශිට් ආන්සර් කරන්නේ නෑනේ බේබී ඔයා... අද දවසෙම ඔහොම්මයි.. මොකද මෙච්චර කෝල් ආන්සර් කරන්න බැරි තරම් ඔයාට තියෙන වැඩෙ.. "

කොල්ලා හිතින් හිත හිත තමන්ගේ කාර් එකට ගොඩ උනා.. පාරේ යන ගමනුත් කොල්ලට මතක් උනේ එයාගේ Girl friend  සාරා ව.. 

" ම්.. කමක් නෑ...ඔයා මොකක් හරි වැඩක් වෙන්නැතිනේ.. හ්ම්ම්. කොහොමත් ඔයා අද එනවා කියලා කිව්වනේ අප්පා...  ඒ නිසා ගානක් නෑ... අද නම් මන් ඔයාගෙයි මගෙයි සම්බන්දෙ ගැන මගේ තරගකාරයෝ ඔක්කොටම කියනවා.. මගෙ වයසත් හරිනේ.. කසාද බැන්දට අවුලක් නෑනේ ඉතින්.. "

චාන් තමන්ගෙ අහිංසක හිතත් එක්ක සෑහෙන්න කතා කර කර ආවේ හොටෙල් එකට..

Hall එකට ආව ගමන් චාන් තමන්ට හිමි ස්තානයේ වාඩි වෙලා සිනාවකින් මුව හැඩ කරන් මෙතන වෙන වැඩ ඔක්කොම බලන් උන්නා...

සැරින් සැරේ සාරා එනවද කියලා බලපු චාන් වෙලාවත් බල බල උන්නේ කනස්සල්ලෙන්..

" ඔයා එන්නෙ නැද්ද සාරා.. "

චාන් වැඩිය නොහිතා ලග උන්න කෙනා එක්ක කතාවට වැටුනා.. කොල්ලා කොහොමත් වැඩිය කතා නොකර නිසා ඒ මනුස්සයා අහන දේට උත්තර දීලා කොල්ලා නිකන් හිටියා...

◤ 🅾🅽🅻🆈 🅼🅸🅽🅴 ◢                            ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now