18 🥂

114 38 115
                                    

" යා යා , මට හුස්ම ගන්න බෑ" ජිමින් අමාරුවෙන් කෑ ගහද්දි, ටේහ්‍යුන්ග් හිමීට ජිමින් ගේ කනට ලං වුණා.

" ජිමිනා... අපිට හංගන්න හදන්න එපා... කාව බලන්නද ඔයා පැරිස් ගියේ... ??"

" හියුන්ග් , මේ දවස් ටිකේ ඔයා හරි වෙනස්... කියන්නකෝ කවුද ඔයාව වෙනස් කළේ කියලා..." ජන්ග්කුක් කිව්වේ ජිමින්ගේ බෙල්ලේ එල්ලෙන අතරෙ.

" මගෙ හුස්ම හිර කරලද දැන් උත්තර ගන්න හදන්නේ ආ..." එහෙම කියද්දි ඇඟට කඩා පැන්න දෙන්නම ජිමින්ව නිදහස් කළා.

" ආ හරි... දැන් අපිට රහස කියනකල් අපි දෙන්නා මෙතනින් යන්නේ නෑ...."  ටේහ්‍යුන්ග් කීවේ තර්ජනාත්මක විදියට.

" ජිමිනා... කෑමක් ගෙනාවා" දොරට ගහන සද්දේ එක්ක ඇහුණේ හොබීගේ කටහඬ.

" ආහ්... ඇයි මට මෙහෙම කරන්නේ...." ජිමින් එහෙම කියන ගමන් ගියේ දොර අරින්න.

" පෝක් කට්ලට් " හොබී ලස්සනට හිනා වෙලා ඩාන්ස් ස්ටෙප් එකක් දාගෙනම කාමරේට ආවා.

" ආ... ඔයාලත් මෙතනද? " ජන්ග්කුක් එක්ක ටේහ්‍යුන්ග් ඉන්නවා දැකපු හොබී එහෙම ඇහුවා. " ඔයාලට ගෙනාවේ නෑ, මෙයා රෙස්ට් කරන නිසා අරන් ආවේ මම" 

" ජිමිනා කාලා එන්න " එහෙම කියපු හොබී කට්ලට් ටික මේසේ උඩින් තියලා යන්න හැරුණා.

" එන්නේ නැද්ද? " හොබී එහෙම ඇහුවේ හෙල්ලෙන්නේවත් නැතුව ඉන්න ටේහ්‍යුන්ග් ගෙන්.

" ආ.. අපි එන්නම් හියුන්ග් , ඔයා යන්න"

"යා යා මොකද්ද මෙතන වෙන්නේ, ජන්ග්කුක් ඔයාට බනානා මිල්ක් තියෙනවා , එන්න අපි යමු, ජිමිනා එයිනේ හිමින්."

" මම එන්නම් හ්‍යුන්ග් , ඔයා යන්න" ජන්ග්කුක් කිව්වේ බනානා මිල්ක් අහලවත් නැති එක්කෙනෙක් වගේ.

" හරි මාත් ඉන්නම්, ඔයාලා මොකක් හරි හොර වැඩක් කරනවා, මට තේරෙනවා ඒක" හොබී හිනා වෙවී ගිහින් ජන්ග්කුක් ළඟින් ඉඳගත්තා.

මේ අතරෙ ජිමින් ටේහ්‍යුන්ග් දිහා බැලුවේ " ඔයා මගේ සෝල්මේට් නම් ඇයි මට මෙහෙම කරන්නේ" කියන බැල්මෙන්...

" හොබී හ්‍යුන්ග් , අපි දෙන්නා මේ රහස් පරීක්ෂණ වැඩක් කරන්නේ. " ටේහ්‍යුන්ග් එහෙම කිව්වා.

SPARKLES | PJM | FF [COMPLETED]Where stories live. Discover now