chapter 8

710 189 16
                                    

ජිමින් ඊලග දවසෙ දුවගෙන ගිහින් වාහනේට නැග්ගේ මූනේ ලොකු හිනාවක් තියාගෙන.

එයාට යුන්ගිව බලන්න තියනවනේ..අහ්..නෑ..නෑ...එයාට යුන්ගි එක්ක රන්ඩු කරන්න තියෙනවනේ...

ජිමින් ගාඩ්ස්ලටත් හිනාවෙලා ගේට් එක ඉස්සරහ තියන වාහනේට නැගලා කටපුරා ගුඩ්මොනින් කිව්වා..

" ගුඩ්මොනින් බේබී..

කාර් එකේ හිටියේ ජිමින්ගෙ යුන්--- අහ් නෑ යුන්ගි නෙමෙ..ඒ වෙනුවට වෙන කෙනෙක්..

"කවුද ඔයා?

ජිමින් ඇහුවෙ තොල් නොපිටට පෙරලල..එයා ගොඩක් හොප්ස් තියාගෙන යුන්ගි ව බලන්න ආපු නිසා ජිමින්ගෙ හිත ගොඩක් රිදෙන්න අරගෙනයි තිබ්බේ..

"මං ලී හියුන් ජක් බේබී...කැප්ටන් යුන්ගිගෙ ටීම් එකේ දෙවෙනි අනදෙන නිලධාරියා.."

ජිමින්ට ඇත්තටම හිනාගියේ මහලොකු අනදෙන නිලධාරි ද මොකාද මෙ ජිමින්ගෙ බොඩිගාර්ඩ් පට්ටම අරන් නිසා...

"කෝ දැන් ඔයාගෙ කැප්ටන් යුන්ගි.."

" යුන්ගි සර් හොස්පිට්ල් එකෙ බේබී..ඊයෙ සර්ට වෙඩි වැදිල නිසා ටිකක් අමාරු වෙලා.."

හියුන් ජක් කියද්දි ජිමින් ඉබේම සීට් එකෙන් ඉස්සුනා..

" මොකක්?ඒත්-- ඒත් මං බේත් දැම්මනේ"

ජිමින්ගෙ  ඇස් වල දැනටමත් කදුලු පිරිලා..එයා නිසයි මේ හැමදේම...

" නාකි ගෙම්බව බේරගන්න ගිය නිසයි ඔක්කොම.."

"බේබි මොකක් හරි කිව්වද?

"ම්හූනෑ...අනික මට බේබි කියන්න මං බබෙක්ද..?

ජිමින් කේන්තියෙන් අහද්දි හියුන් ජක් කට වහගත්තෙ හිතෙන් හිනා වෙන ගමන්..මොකද ජිමින් එයාට බෙබි කියන්න එපා කිව්වෙත් හරියට බබෙක් වගෙ නිසා.

"මේ ඔයා දන්නවද එයා ඉන්න හොස්පිට්ල් එක තියන තැන.."

ජිමින් ඇස් ලොකු කරගෙන හියුන්ජක් ගෙන් අහද්දි හියුන්ජක් ඔලුව වනද්දි ජිමින් සතුටටම අත්පුඩි ගැහුවා...

" එහෙනම් අපි එහෙ යමූ .."

ජිමින් කියද්දි හියුන් ජක් ගෙ ඇස් ගෙඩි එලියට නොපැන්න එක විතරයි..

" ඒත් සර්....මට ඕඩර් එක ආවේ සර්වයි ටේහියුන් සර්වයි කෝලේජ් එකට දාන්නනේ..."

" කමක් නෑ...ඕඩර් බල්ලට ගියාවෙ..අපි යමු"

ජිමින් ගානක් නැතුව කියද්දි හියුන් ජක් කාර් එක ස්ටාර්ට් කරා...ඒත් ඒ හොස්පිට්ල් එකට නෙමේ..

"ඒයි මේ යන්නෙ ටේගෙ ගෙදරටනේ..?

"සොරි සර් ඕඩර්ස් වලට පිටින් යන්න  බෑ.."

"මොකක්?

ජිමින් පුදුමෙන් ඇස් ලොකු කරගනිද්දි හියුන්ජක් ගානක්වත් නැතුව වාහනෙ එලෙව්වා...

" කැත පූසගෙ ගෝලයෝ කියලා හොදටම ශුවර්"

ජිමින් ශීට් එකෙ එබිලා යනකන්ම හියුන් ජක්ට හිතෙන් බැන්නෙ එයාට අඩුම යුන්ගිව බලන්නවත් යන්න බැරි කේන්තිය නිසා...

Sugarplum|yoonminWhere stories live. Discover now