21 💚❤️

342 65 3
                                    

Zhan's Pov

ස්ටූඩියෝ එකට බඩු ගන්න ආව මම ඕන කරන ලොකු දේවල් කැමරා,ලයිට්ස් එහෙම අරගෙන ඉවර වෙලා ඊට පස්සෙ ස්ටුඩියො එක ලස්සන කරන්න ඕන දේවල් ගන්න යන ගමන් නැවතුනේ ෆෝන් එක රින්ග් වෙන නිසා...

📳

හෙලො බෝ ඔයා ෆ්‍රීද...

.........

ආ එහෙමද...මම දැන් ගොඩක් බඩු අරන් නම් ඉවරයි...තව පොඩි පොඩි දේවල් ටිකක් ගන්න යන ගමන් ඉන්නේ...

............

හරි එහෙනම් මම එතන ඉන්නම් පරිස්සමෙන් එන්නකො...

බෝ එන ගමන් කීව නිසා පාර අයිනෙන් හිටපු මම කරන්න වැඩක් නැති නිසා වාහන ගනන් කරන්න පටන් ගත්තා...පැය භාගයක් ගියත් බෝ ආවෙ නැති නිසා ලග තිබුන බස් හෝල්ට් එකට ගිහින් වාඩි වුන මම වටපිට බැලුවෙ තව පරක්කු ඇයි කියලා...කෝල් කරන්නත් බැනෙ ඩ්‍රයිව් කරන ගමන්ද දන්නෙ නැනේ...
තව විනාඩි දහයක් විතර යද්දී පාරේ එහා පැත්තෙ ඉදන් වාහනයක් හෝන් කරනවා ඇහුන නිසා මම ඔලුව උස්සලා බැලුවා...බෝ කාර් එකේම ඉදන් අත වනද්දී වටපිට නොබලපු මම එක පාරටම පාරට පැන්නේ බෝ දැක්ක සතුටට...
ඒත් එකපාරටම බෝ වගේම අනික් අයත් කෑ ගහද්දී දකුනු පැත්ත බලපු මම වේගෙන් එන ට්‍රක් එකක්...
බයටම මගෙ කකුල් පාර මැදම ලොක් උනා වගේ වෙද්දි ඉස්සරහට එන ට්‍රක් එක දිහා බලපු මම ඊලගට බැලුවේ බෝ දිහා...එයා බය වෙලා...ආයෙමත් ට්‍රක් එක දිහා බලපු මම ඇස් වහගත්තෙ බයටම...ඇයි මටම මෙහෙම වෙන්නේ බෝට ලන් වෙන හැම පාරම ඇයි එයාගෙන් ඈත් වෙන්න සිද්ධ වෙන්නේ...මම එච්චර පවුකාරද...හුලග කපාගෙන වේගෙන් එන් ට්‍රක් දිහා ආයෙම බලපු මම බෝ දිහා බැලුවෙ අවසාන වතාවටත් මට දකින්න ඕන උනේ එයා නිසා....

බ්‍රා....................ස්





















ටික් ටික් ටික් ටික්......





















චටා....ස්

දරදඩු අතකින් මාව ඇදලා ගත්තා වගේම කම්මුලට වැදුන පාරත් එක්ක සිහියට ආව මම වටපිට බැලුවා...
මාව හැප්පිලා නෑ දෙයියනෙ මාව හැප්පිලා නෑ...
කදුලු ගල ගලාම මම මෙච්චර වෙලා මාව අල්ලගෙන හිටපු බෝව බදාගත්තා...

HIDDEN LOVE (Love In The Heart 02)Where stories live. Discover now