Meant To You

146 37 21
                                    


#Seokjin

කාර්යබහුල මාසෙකට පස්සෙ නිදහස් උන සැනින් මම දිව්වෙ හැමදාම වගෙ අපි දෙන්නා මුන ගැහෙන තැනට.කාත් කවුරුවත් නැති නිස්කලංක චෙරි බ්ලොසම් ගස් යායේ එක චෙරි  ගහක් යටට වෙලා මම බලං හිටියෙ seoni එනකං.අත් වැටට බර උන මම හොද හුස්මක් අරන් චෙරි මල් සුවදින් පෙනහලු පුරව ගත්තා.ඇගට දැනුන තෙහෙට්ටු ගතිය චෙරි මල් සුවදත් එක්ක නැති  වෙලා ගියේ ඉබේටම වගේ.

""සොක්ජිනා...."" බලාපොරොත්තු උන කටහඩ මට ඇහෙද්දි මම ඒ හඩ ඇහුන පැත්ත හැරිලා බැලුවෙ තොල් අතර හිනාවක් හිර කරගෙන.
ඒත් මම බලාපොරොත්තු උන හිනාව එයාගෙන් මට ආයෙමත් හම්බුනේ නෑ.ඒ වෙනුවට එයා කරේ මගේ දිහා බලාගෙන හිටපු එක විතරයි.හිතට අමුත්තක් දැනෙද්දි මම ඉක්මනට එයා ලගට ගිහින් එයාගෙ අතින් අල්ල ගනිද්දි එයත් මගෙ අත තදින් අල්ල ගත්තා.

""Seoni.... ඔයා හොදින් නේද?""

""ඔයා ආව එක හොදයි ජින්.... අපි ටිකක් කතා කරමුද?""මම seoni කියපු එක අනුමත කරන්න ඔලුව ඉහල පහල වැනුවා.ඈතට වෙන්න තිබුන අතු විහිදිලා සරුසාරව වැඩුන චෙරි බ්ලොසම් ගහ ලගට ඇවිදන් ගියපු අපි දෙන්නා එතන තිබුන තනබිස්සේ ඉදගත්තේ ලොකූ කතවකට මුල පුරන්න.

#Seoni

ආදරණීය වසන්තය ඉක්මනින්ම ඇවිත්.හැම ලස්සනක්ම හැමදාටම තියෙන්නෙ නෑ කියලා කියාදෙන මේ චෙරි ගස් හරියට අපේ ජීවිත වගේ.සමහර වෙලාවට මමත් චෙරි මලක් වගේ.පිටතින් ලස්සන චෙරි මලක් උනාට ඇතුලතින් මම පතොක් ගහක්.පොඩ්ඩ සීතල උන ගමන් ඉක්මනින් වේලිලා යන චෙරි මල් හුගක් අහින්සකයි. ජින්ට පිට දීලා වාඩි වෙලා උන්නු මම බැලුවෙ මගෙ ඉදිරියට නෙරා ආපු පිරුන කුස දිහා . ජින් එක අතකින් මගෙ කුස පිරිමදිද්දී , ජින්ගෙයි මගෙයි සොදුරු නිමැවුම උන අපේ චූටි පැටියා ගැන  අහස උසට හීන මැව්වා...ඈතින් හුලගට ගහගෙන යන චෙරි මල් පෙති දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටිය මම ආයෙමත් පියවි සිහියට ආවේ ජින් මට කතා කරපු නිසා.

#Seokjin

""Seoni!! බර කල්පනාවක්...?"" ගැස්සිලා මගෙ දිහා ඔලුව හරවලා මලානිකව හිනා උන seoni ඈත පේන චෙරි බ්ලොසම් ගස් පේලිය දිහා ආයෙමත් බලා ගත්තා.

𝐌𝐞𝐚𝐧𝐭 𝐓𝐨 𝐘𝐨𝐮  || 𝐊𝐒𝐉  ✔जहाँ कहानियाँ रहती हैं। अभी खोजें