angel

1.4K 145 14
                                    

මං මුලිම්ම එයාව දැක්කෙ lantern festival එක දවසෙ. එයා හරියට දිව්‍ය ලෝකෙන් මේ දැන් ගොඩ බැහැපු කෙනෙක් වගේ රත්තරන් පාටට දිලිසුනා.
හැමතැනම තිබුනු ලස්සන ලස්සන lanternsවල එලියට වෙන්නැති. ඒත් ඒ තරම් ලස්සන කෙනෙක්ව මං මගේ ජීවිතේටවත් දැකලා තිබුනෙ නෑ.
මට මගේ ඇස් එයාගෙන් අහකට ගන්න සෑහෙන්න අමාරු උනා. එයා එච්චරටම ලස්සනයි.

මං campus එකේ final year හිටියෙ. මේ අපි university එකේ ඉන්න අන්තිම අවුරුද්ද. ඒ නිසාම අපි යාළුවො කට්ටියම lantern festival එකේ රෑ එලිවෙනකල්ම කඩචෝරු කකා ඇවිදින්න යමු කියලා plan කරගෙනමයි හිටියෙ.
මොකද, ඊලඟ festival එකේදි අපි කොහේ කොහේ, කොයි කොයි විදියට ඉඳීද කියලා කවුද දන්නෙ?

ඉතින් හවස් වෙද්දි කට්ටියම එලියට බැහැලා ඇවිදින්න ගත්තට, මේ ලස්සන angelව දැක්කට පස්සෙ මං මොකක් කරන්නද ආවෙ කියලාවත් මට අමතක වෙලා ගියා.

එයාත් හිටියෙ යාළුවොත් එක්ක. ඉතින් මං පුළුවන් තරම් try කලා එයාලව මග නොඇරෙන්න එයාලා ලඟිම්ම ඉන්න.
මගේ පාප මිත්‍රයො ටිකට නොතේරෙන්න මං මේ වැඩේ කරගත්තෙ බොහොම අමාරුවෙන්.

ඉතින් හැමවෙලේම අපි දෙගොල්ලො එක ලඟ ලඟම හිටපු නිසා, අන්තිමේ ඔක්කොමලා එකට set උනා. හැමෝම කතාකර කර හිනා වෙවී ගියාට මොකද, මට එයාට කතාකරගන්න බැරි උනා.
එයා ලඟදි මගේ මේ රටක් වටින කටට ඉබ්බෙක් වැටෙනවා. කොයි තරම් කට ඇරගන්න හැදුවත් ඒක බැරි වෙනවා.

ඉතින්, එදා රෑ එලිවෙනකල් ඇවිදලා ඇවිදලා hostel එකට එලිවෙන ජාමෙ එද්දි තමයි දැන ගත්තෙ, එයාලත් අපේ university එකේම arts faculty එකේ කියලා.
හරි හරි ඉතින් මෙච්චර වෙලා කට්ටිය කතා කරද්දි ඕක අහලා නැතිවෙන්නෙ කොහොමද අහන්න එපා.
එයාලා කියන්න ඇති. ඒත් මං හිටියෙ මේ ලෝකෙ නෙමෙයි. මං හිටියෙ මොකද්දෝ අමුතුම ලෝකෙක. මට අනික් අය කතාකරන දේවල් ඇහුනට, ඒවා මගේ මොලේට ගියේ නෑ.
යන පාර block වෙලා, පාර මැද්දෙ angel කෙනෙක් නැවතිලා.

මං හිටියෙ management faculty එකේ. ඒත් මට පුදුම හිතුනා මේ angelව මට මේ තරම් කාලයක් දකින්න ලැබුන්නැති එක ගැන.
එයාලා තාම 3rd year.

ඉතින් මගේ කරුමෙට මට එදා එයත් එක්ක වචනයක්වත් කතාකරගන්න බැරි උනා.
එයාලාගෙ hostel තිබුනෙ වෙනම. ඉතින් එයා ගියා.
මගේ හිතට මොකද්දෝ කරලා එයා යන්න ගියා.

එදා ඉඳන් මට රෑට නින්ද ගියේ නෑ. ඒ ලස්සන මූණ මාව පිස්සු වැට්ටුවා.
එයාලගෙ faculty එක ලඟ පුළුවන් වෙලාවට රැකගෙන හිටියත් එයාව දකින්න බැරි උනා.
එයාගෙ no එක කොහොමහරි හොයාගෙන එයාට msg එකක් දැම්මත් ඒකට reply ආවෙ නෑ.
කොච්චර කොහොම උනත් මට ඕනවට වඩා අඬාගෙන පස්සෙන් යන්න හිතුනෙත් නෑ.
ඒත් එයාව හොයන එක මං නතර කලෙත් නෑ.

දෙවෙනි පාර මං එයාව දැක්කෙ අපේ final batch party එකේදි. වෙන facultiesවල parties වලටත් රෑ වෙලා ගිහින් කාලා බීලා එන සිරිතක් අපිට තිබුනා.
එදත් යාළුවොත් එක්ක ඇවිත් හිටපු එයා dancing floor එකේ නැටුවෙ හිතාගන්න බැරි තරම් ලස්සනට.
හැමවෙලේම යාළුවො වට කරගෙනම හිටපු එයා ලඟට ලං වෙන්න ඕනෙ උනත්, එක පාරටම එයා ලඟට යන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බැරි උනා.
ඇත්තටම අපේ faculty එකේ හොඳටම dance කරන්න පුළුවන් කොල්ලා මං වුනාට එදා මගේ අතපය lock වෙලා ගියා.
මේ angelට මාව සම්පූර්ණයෙන්ම lock කරලා දාන්න පුළුවන් මායා බලයක් තියෙනවද මන්දා.

Batch එකේ එවුන් ටික එකට ඉන්න අන්තිම දවස් නිසා, මට එයා දිහා හිතේ හැටියට බලන් ඉන්න ලැබුනෙ නෑ.
Photos ගන්න, කයිය ගහන්න එක එකා මාව ඇදගෙන ගියා.
ඉතින් එදත් මට එයාව මග ඇරුනා.

යන්න කලින් එකම එක පාරක් එයාව බලාගන්න ඕනෙ කියලා හිතුවත් මට ඒකට අවස්ථාවක් ලැබුනෙ නෑ.
Uncleලා මාව එක්කගෙන යන්න වාහනේකුත් කතා කරගෙන උදේම ඇවිත් තිබුනා. ඉතින් මං ගෙදර ගියා.

Yours (Completed)Where stories live. Discover now