නිල් පාට මක්කෙ

183 32 15
                                    

"ඇබා.... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා පුතේ....."

"ම්හ්..... කි....යම්න......"

මං කිව්වෙ අලි සයිස් ඉස්සෙක්ගෙ අඩු ටිකයි උඩ පොත්තයි ගලවන ගමන්.... ඔව්ව කන්න පුලුවන්ද අනේ....

"හෙට ඉදන් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් සොනාගෙ දුව මෙහෙ නවතිනවා.... එයා තව අවුරුදු තුනකටම මෙහෙ...."

අම්මා කිව්වෙ මගෙ කටේ තිබ්බ බත් ටික පිටගිලිය ගිහින් තාත්තගෙ මූණ පුරා බත් ඇට පතිත වෙන තරමට මාව ශොක් කරලා..... ඒ මොන අවමගුලක්ද ඒ වෙන්න යන්නේ.....

______________________________________

"අම්මා..........................."

මං කෑ ගැහුව එකේ සද්ද අඟහරුවල ඉන්න ජීවියොන්ටත් ඇහෙන්න ඇති.....

"මොකද ළමයෝ කෑම කටේ තියන් බෙරිහන් දෙන්නෙ..... මේ සේරම මගේ මූණෙත් එක්ක......."

තාත්තා නෝක්කාඩු කිව්වෙ දෙවෙනි පාරටත් මගෙ දිහා රවලා බලන ගමන්..... එයා මට එහෙම හරි කිව්වා......ඒත් අම්මා!!! එයා එයාගේ පාඩුවෙ කෑම බෙදාගෙන කන්න පටන් ගත්තා.....

"අම්මා...................."

"අම්මේ............"

"අම්මේ............."

"මෙහ් ඕයිහ් අයියෝව්........මං කියන දේ අහනවාකෝ......... අම්මේ.........."

මම කී පාරක් කෑ ගැහුවත් අම්මා මගෙ දිහා බැලුවෙවත් නෑ...... මේක හරි කෝළමක් උනානේ..... මෙහෙමයි..... අපේ ගෙදර ඉදලා යුනි එකට ළගයි නම් තමයි...... එකා යකා වෙච්ච මං විතරක් ඉන්න අපේ ගෙදර තව වැඩිපුර කාමර දෙකක් තියෙන බවත් ඇත්ත....... ඒත්!!! ඒත් කියන්නෙ මේකනේ...... මං කැමති නෑ මොකෙක්වත් මෙහෙ නවතිනවට..... විශේෂයෙන්ම පොඩි කාලෙ මං ආසම නිල් පාට මක්කෙ කෑව මෝඩ ඉබ්බිව.....

අනික අනේ මට නිදහසේ ඉන්න තියෙන මගෙ පාරාදීසෙ තමා උඩ තට්ටුව....... පහළ තිබ්බ එක කාමරයක් තාත්තගෙ කන්තෝරු කාමරේ කිව්වොත් හරි.... අනික අම්මගෙයි තාත්තාගෙයි බෙඩ් රූම් එක...... ඒ දෙක ඇරුණම උඩහ තව කාමර තුනක්...... ඒ තුනෙන් එකක් දඩාර සයිස් ලොකුයි...... ආන්නේක මගේ..... ඔව්..... නිල් පාට තීන්ත ගාලා නිල් පාට තීම් එකට ඩෙකරේට් කරපු මගෙ පාරාදීසේ...... අනික් දෙකම සාමාන්‍ය සයිස්...... එකක තිබුණෙ තනිකරම පොත් රාක්ක..... ඒ කාමරේ එක එක ජාතියෙ කතා පොත් වලින් පිරිලා තිබුණෙ...... මං හිතන්නෙ රාක්ක පහක්..... හරියටම රාක්ක පහක පොත් ඒකේ තිබුණා.... අනික ඒ සේරම මං කියවලා තියෙයි..... මගේ හොබී එක පොත් කියවන එක..... හැබැයි ගොඩ දෙනෙක් හොඳයි කියන කිසිම දේකට මම කැමති වුණේ නෑ..... සමහර කාලෙකට එන ෆැෂන් උනත් මං අහක දාන්නෙ හැමෝම කරන දේ කරන්න තිබ්බ අකමැත්ත නිසාමයි.... කොහොමහරි ඊට අමතරව තවත් හිස් කාමරයක් තිබුණා..... ඒකෙ ඇදක්, මේසයක් පුටුවක් එක්ක අල්මාරියකුයි තව ටේබල් ලෑම්ප් වගේ පොඩි පොඩි බඩු මුට්ටු ටිකක් තිබුණා......

You've reached the end of published parts.

⏰ Last updated: Jun 02, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

SPELL BINGO  ( GL | SINHALA )Where stories live. Discover now