First Summer

420 152 12
                                    

Jin's POV



දවස් තුනක දිග නිවාඩුවක් හම්බෙනවා කියලා දැනගත්තට පස්සේ අපි හැමෝම ඉක්මනට ලෑස්ති උනේ නිවාඩුවේ එක විනාඩියක් වත් නාස්ති කරගන්න උවමනාවක් තිබ්බේ නැති හන්දා. අදම ගෙදර ගියොත් දවස් තුනයි තව එක රෑකයි නිවාඩුවක් හදාගන්න පුලුවන් හන්දා  මම ඉක්මනට මට ඕනෙම දේවල් පැක් කරගෙන කුක් ගේ රූම් එකට ගියේ එයා යන්න ලෑස්තිද කියලා බලන්න. ඒත් මම යනකොට එයා ඇදේ නිදාගෙන හිටියේ නැගිටින්න කිසිම අදහසක් නැතුව.

"කුක්. යන්නේ නැද්ද?"

"....."

"කුක්...."

"න්-නෑ හ්‍යුන්ග්. "

"ගෙදර යන්නේ නැතුව මොනවද කරන්නේ? ආයේ නිවාඩුවක් කවදා හම්බෙයිද දන්නේ නෑ. ගෙදර ගිහින් එනවා පස්සේ නහයෙන් අඩන්න තියාගන්න යන්නේ නැතුව."

"බෑ හ්‍යුන්ග්"

"කම්මැලිකම පැත්තකට දාලා ගෙදර යනවා... ඔම්මා බලන් ඇති."

"ඔම්මා නෑ හ්‍යුන්ග්. එයා හ්‍යුන්ග්ලා එක්ක කොහෙද ගිහින්. මට ගියත් තනියම ඉන්න වෙන්නේ. ඊට වඩා හොදයි මෙහෙටම වෙලා ඉන්න එක."

"එහෙනම් මමත් ඉන්නවා. "

"එපා..... හ්‍යුන්ග් යන්න. "

''ඔයාව තනියම තියලා යන්න බෑ."

"ජිමීනී හ්‍යුන්ග් ඉන්නවා. එයාටත් වැඩ වාගයක් තියනවා කියලා හ්‍යුන්ග් ඉන්නවා කිව්වා. මම තනියම නෙවෙයි ඉන්න යන්නේ. "

"මම ජිමිනිගෙන් අහලා ඉන්නම්."

'හ්‍යුන්ග් ඔයාව මට විශ්වාස නැද්ද? "

"පොඩ්ඩක්වත් නෑ. "

මම කුක් ඊලගට කියන දේවල් අහන්නේ නැතුව ජිමින්ගේ රූම් එකට ඇවිල්ලා  එයා ඇත්තටම ඉන්නවද  , නැත්තන් කුක් මාව යවාගන්න කියන බොරුවක්ද කියලා දන්නේ නැති හන්දා ජිමින්ගෙන්ම අහගත්තා. කුකී බොරුවක් කියලා නෑ කියලා තේරුම් ගත්තම මම ටේයුන් ත් ගෙදර යනවද කියලා බලලා එයත් යනවා කියලා දැනගත්තට පස්සේ කුක්ගේ රූම් එකට ආයේ ආවා. මම එනකොට කුක් ඇදේ වාඩි වෙලා ෆෝන් එක බල බල ඉදලා  මම එයා ලග කියලා දැනුනට පස්සේ ෆෝන් එක අයින් කරලා  මගේ දිහා
බැලුවා.

This Summer  |   Jin Centric   | Completed Where stories live. Discover now