⛓️ 4 ⛓️

187 36 4
                                    

කාමරයට ආව ජන්කුක්ගෙ ඇස් උඩ ගියේ වෙලා තියන දේ දැක්කම... හොඳටම අවුල් වෙලා තිබුණ ඇඳ පුරා කොට්ට විසිරිලා ගිහින්... කණ්නාඩි මේසය උඩ තිබුණ perfume වලින් සමහර ඒවා වැටිලා සමහර ඒවා බාගෙට වහලා දාලා ... " පිස්සු කොල්ලා.. මගේ ඇඳටත් නැග්ගා එහෙනම්... " කට කොනින් පුංචි හිනාවක් දාගෙන කාමරය පිලිවෙලට අස් කරපු ජන්කුක් බාත්රූම් එකට ගියා...

පහළට ආපු ජන්කුක් දැක්කේ කෑම එකින් එක පිලිවෙලට තියලා තියන කෑම මේසෙ ලඟ පැත්තකින් හිටගෙන ඉන්න මිනී ව..ජන්කුක්ව දැකපු එයා එක පාරම බිම බලාගෙන මුණ හංගගත්තේ හරියට වරදක්ද කරලා අහු උන පොඩ්ඩෙක් වගේ.. මිනී ඉන්න විදිහට ජන්කුක්ට තේරුණා එයා ඉන්නේ ලැජ්ජාවෙන් කියලා එයා ජිමින්ට ලන් උනා..

🐰 මිනී.... ඉස්සෙල්ලා උන දේට මට සමාවෙන්න..

🐥 ඒකට කමක් නෑ හියුන් ....ම්ම්ම්ම් ම්.. මන් ඔයාට කෑම හැදුවා..

🐰 ඔයාට හොඳට උයන්න පුළුවන් වගේ.. මෙච්චර ලස්සනට තියන කෑම දැක්කම හැමදාම කන්න තිබ්බ නම් කියලා හිතෙනවා.

අන්තිම ටික එයා කිව්වේ ඇස් කොනින් ජිමින්ගෙ මූණ බලාගෙන.. කියපු දේ ගැන හරියට තේරුනේ නැති ජිමින් පොඩි හිනාවකින් සංග්‍රහ කලා..

🐰 අපි කෑම කමුද මිනී....

ඔලුව වනපු ජිමින් කෑම බෙදන්න ගත්තා. ඒ දිහා හරි ආසාවෙන් කෙනෙක් බලන් හිටියා. එයාගෙ ආදරේ එයා වෙනුවෙන් හැම දේම කරනවා බලන්න එයා හිටියේ ගොඩක් ආසාවෙන්..කෑම බෙදලා ඉවර උන ජිමින් බලාගෙන හිටියේ නිහඩව මද සිනහවකින් කෑම එක දිහා බලාගෙන කෑමට සැරසෙන ජන්කුක් ගෙ මූණ දිහා..

කෑම ගන්න අතර ජිමින් කතා කරන්න පටන් ගත්තා.. එයාට ඕනි උනේ අද දවස ගැන ජන්කුක්ට කියන්න

🐥හියුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා .... මට job එකක් හම්බුනා හියුන්.

🐰 Oh... ඉතින් කොහොමද එතන. විස්තර කියන්නකෝ

🐥 ඒක කොෆි ෂොප් එකක් හියුන් ... වැඩ කරන්න ගොඩක් අය නම් නෑ වගේ.. ෂොප් එක අරින්නේ උදේ 10....වහන්නේ රෑ 8 ට.. ඒත් වෙලාව හදාගෙන වැඩ කරන්න පුළුවන් ලු... සජන්නිම් නම් හොඳ කෙනෙක් වගේ.. මට හෙට ඉඳන්ම වැඩට එන්න කියුවා..වැඩි දුරක් නැති නිසා මට බස් එකේ ගිහින් එන්නත් පුළුවන්..

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now