03 : ප්‍රථම පරිච්ඡේදය ( 3 )

79 24 25
                                    

දන්තාලේප ස්වල්පයක් තවරාගත් දත් බුරුසුව මුවෙහි රුවාගත් තරුණයා තම දසන් මැදගන්නට වූයේ ඉතා අලස හා අක්‍රමවත් ලෙසය.

පසුව සින්ක් සවි කළ දිය කරාමයයෙන් මුව සෝදාගත් තරුණයා තුවායෙන් මුහුණෙහි තෙත මාත්තු කරමින් තම කාමරයට වැදී දොර වසා ගත්තේය.

තම රාත්‍රී ඇදුම උනා පසෙකක දැමූ ඔහු කැඩපත ඉදිරියේ සිට ගත්තේය.

කැඩපතින් දර්ශනය වන තම නිර්වස්ත්‍ර ප්‍රතිබිම්භය දෙස බලාහුන් ඔහු තම ගෙලෙහි වූ හොඳින් කැපී පෙනෙන සේ නෙරා ආ ස්වරාලය වෙත හස්තය ගෙනගොස් එය මඳක් පිරුමදිමින් දෙනෙත් අඩවන් කළේ කට කොනක් සපමින්.

විදුලි පහන් නිවා දැමූ කාමරයේ අවිවර ජනෙල් පියන්හි වීදුරු තහඩු තුළින් ගලා ආ හිරු කිරණ ඔහුට අපූර්ව උද්දීපණයක් ඇතිකළේ ඉගෙන් පාත පෙදෙස් ප්‍රාණවත් කරමිනි.

ඔහු එලෙසින්ම සයනය මත දිගා වූයේය. මුළු කාමරය පුරාම නිහඬ නිසසල බවක් තිබිමුත් බිත්ති ඔරලෝසුවෙහි කටු දුවන ' ටක්..ටක්..ටක්..' නාදය ඒ සියල්ල පරයමින් අත්‍යාපූර්ව වටපිටාවක් ගොඩනැඟුවේය.

ඔහු එලෙසින්ම හිස ඔසවා බැලූයේ ඔරලෝසු මුහුණත දෙසය.

පැය කටුව හතත් අටත් අතර මැදය,
මිනිත්තු කටුව දහයේ ඉලක්කම තරමක් පසු කොට දෙවැනි තිත අසලය.

ඉලව් සතකි.

තරුණයා වැතිර හුන් තැනින් නැඟිට්ටේ මහත් කලබලයෙන්. කලබල වූ තරම නම්, ප්‍රාණවත් පෙදෙසත් අඩපණව ගියේය.

අල්මාරිය වෙත දිව ආ ඔහු එහි ද්වාර විගස විවර කොට අතට හසු වූ කලිසමක්, කමිසයක් හා යට කලිසම් කොටයක්ද ගෙන විලි වසා ගන්නට වූයේ ඔච්චමට මෙන් ' ටක්..ටක්..' හඬ නඟන බිත්ති ඔරලෝසුවේ මුහුණත් තහඩුව දෙස බලමින්මය.

සැණෙකින් මේසය මත වූ පොත් මල්ල කරෙහි දමාගත් තරුණයා තම පසුම්බිය පෙර දිනයේ හැඳ හුන් කලිසමෙහි සාක්කුවෙන් පිටට ගෙන තම කලිසම් සාක්කුවේ ඔබා ගනිමින් යතුරක්ද ගෙන තම නිවසින් පිටතට විත් ද්වාරය අගුළු දමා ඉවක් බවක් නොමැතිව පඩිපේළි බැස දුවන්නට වූයේය.

" Hi , good morning රොෂාන් මල්ලා .... " පඩිපෙළ බැස එන තරුණයාගේ මඟ ඇහිරූ ගවුමක් හැඳගත් කොලුගැටයෙක් තම උදෑසන සුභ පැතුම ඔහු වෙත පෑයේ නෙතක් ඉඟිමරමින්.

සාර්ථක සමතකරණයක් අවසන ප්ලේන් ටී වීදුරුවක් Where stories live. Discover now