Part 02

24 11 9
                                    

Arrogant You - Part 02

මම sofa එකට ගිහිල්ලා කෝක්‌ එක බොන ගමන් pizza කෑල්ලක් කටේ දාගෙන tv එක on කළා... Business program එකක් ගියේ.

🚶‍♀️හෑ... මේ.... මේ.... යකෝ.. අර... 🤯😱

මං හිතන්නේ හිටපු කෙනාව දැක්කම මගේ ඇස් දෙකත් පෙයාස් ගෙඩි දෙකක් වුණා 😂....

කඩවලේ... මේ.... අද මාත් එකක් හිටපු driver මනුස්සයා නේද යකෝ..? මේ මිනිහා tv එකේ මොකද්ද මේ කරන්නේ..

____________________________

👩ඔව්. Lee මහත්මයා. ඔබ alien glow අන්තර්ජාතික සමුහ ව්‍යාපාරයේ අලෙවි ප්‍රවර්ධක අංශයේ ප්‍රධානියා. ඔබ කොහොමද කොරියාව තුළ මේ ආයතනය ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන්නේ?

🧍ඔව්. මේ වන විට.. අපි විශේෂ ප්‍රවර්ධකයෙක්ව සම්බන්ද කරගෙන ඉන්නවා. ඔහු නැගී එන තරුවක්. අපි ඉදිරියේදී ඒ ගැන ප්‍රසිද්ද කරන්න සුදානම්.

_________________________

යකෝ.. මේ මනුස්සයා ඩැඩීලගේ කම්පනි එකේ ලොකු පොස්ට් එකක් තියන මනුස්සයෙක්නේ.....
චහඃ .... වෙන්නත් ඇති. නොදන්න රටකට ආවම ඉතින් ඩැඩී එවන්න ඇත්තේ හොද මනුස්සයෙක් තමා..

🚶‍♀️අහ්හ්... කම්මැලියි අප්පා.... මේ මගුල මට අදාළ නෑ නේ 🥱🥱

මම TV එක off කරලා නිදාගත්තේ ඊට පස්සේ දවසේ campus යන්න ඕන නිසා.

.......................................

Next day morning...

🔊📲
"Butterfly... Butterfly.... Bu..... tter.... Fly...............
Please kiss me.. Then I can be a butterfly.......
Butterfly... Butterfly.... Bu..... tter.... Fly..............."

උදේ පාන්දර කන ළග කෑගහන්නේ කවුද කියලා බලන්න මම බාගෙට ඇස් ඇරියා.. යකෝ කෝල් එකක්.. ඩැඩීගෙන් 😱
වෙලාව බලද්දී.... 8.36 😨
හරි.. මං ඉවරයි...

🚶‍♀️ හෙ... හෙලෝ ඩැඩී

👨‍🦱 මොකද්ද ළමයෝ කරන්නේ.. Driver ඇවිත් door එක ළග පැයක් තිස්සේ. තමුන් මොකද්ද කරන්නේ... නිදි ද තාම.

🚶‍♀️ අප්පටසිරි නෑ නෑ ඩැඩී. මම ලෑස්ති වෙන ගමන්... මං තිබ්බෝ..

මං ටග්ගලා කෝල් එක කට් කරලා bathroom එකට පැනලා ටග්ගාලා නා ගත්තා. කොහොමත් ඉතින් මට ඔය වෙන කෙල්ලෝ වගේ පැය ගණන් යන්නේ නෑ නේ ඇදුම් අදින්න 😂 ඒ නිසා සුටුස් ගාලා ඩෙනිමයි ලොකු ටී ෂර්ට් එකයි ඇදල සපත්තු දෙක දාගත්තා. මූනේ පොඩ්ඩක් විලි වැහෙන්න ඕන නිසා ලාවට makeup එකක්... නෑ එහෙම කියන්නත් බැ 😂 lipstick ටිකක් විතරක් ගාලා ටග්ගලාලා දුවගෙන ගියා.

Arrogant You Where stories live. Discover now