01

548 85 21
                                    

Taehyung's Pov.

මම මගේ  වෘකයාගේ ස්වරූපයෙන් වනාන්තරය හරහා දිව්වා..... නිදහසේ හැකි උපරිම වේගයෙන් විනාඩි කිහිපයක් දිවීමෙන් පසුව මට මගේ ප්‍රියතම ස්ථානයට පැමිණීමට හැකි වුණා.... ඒක කැලෑවේ ලොකුම ප්‍රපාතයකට යට තිබුණ විලක්....

අද මගේ 18 වෙනි උපන්දිනය.... ඉතින් මට ඕනෙ උනා ටිකක් නිදහසේ ඉන්න..... මම කටින් අරගෙන ආව ඇඳුම් ටික වැව ළඟින් තියලා ගල් පර්වතය මුදුනට ගියේ නැවුම් වාතයෙන් මගේ පෙනහළු පුරවාගන්න ගමන්..... මම මට හැකි ඉක්මනින් නැවතත් මගේ මිනිස් ස්වරූපයට මාරු වෙලා ගල්පර අද්දරට ඇවිදගෙන ගියා.... තවත් මොහොතක් වාතයෙන් පපුව පුරවාගෙන අහසට ඇස් යොමු කිරීම වෙනුවෙන් කාලය වැය කරපු මම, නැවත බිම බලාගෙන ටිකක් පස්සට ගිහින් ආපසු දුවගෙන ඇවිත් වැවට පැන්නා.... මට දැණුනේ මගේ ආත්මයම සනසන විදිහේ සතුටක්..... වතුර යටට යන මට දැණුණා සීතල මගේ සිරුර ආක්‍රමණය කරනවා කියලා.....

මම ටික වෙලාවක් යනකන් ටිකක් එහාට මෙහාට පීනලා බැලුවේ අඩ සදේ එළියට පරිසරය කොච්චර ලස්සනද කියලා හිතන ගමන්..... ඒත් එක පාරටම ගස් අස්සෙන් සද්දයක් ඇහුණත් මම ඒක නොසලකා හැරියේ ඒ සර්පයෙක් වෙන්න ඇති කියලා හිතමින්..... නමුත් ටික වෙලාවකින් මට දැණුනෙ වෙනස් හැඟීමක්..... මොනා වුනත්, මට ඒක විපරම් කරන්න ඕනේ උනා..... ඔමේගා කෙනෙක් විදිහට මගේ සංවේදන නම් ටිකක් දුබලයි......

ඒත් මට ආවේ නැවුම් සුවඳක්..... නෑ මං හිතන්නේ එකිනෙකට වෙනස් සුවඳවල් දෙකක්....... එකක් මම ආසම රෙඩ් ඇපල් වල සුවඳ වෙනකොට අනික ස්ට්‍රෝබෙරි සුවදක් වුණා.....

Mates!!! Mates!!!  මගේ වෘකයා ලියෝ සතුටින් කෑ ගැහුවා......

ඒක නම් කොහෙත්ම වෙන්න බෑ...... මට 18ක් වුණා විතරනේ.... මම සිතින් මැසිවිලි නඟන ගමන් ලියෝව බ්ලොක් කළා.....

මම හිස් කැලෑවේ සුවද වැඩියෙන්ම දැණුණ  තැන දිහා බලනකොට වෘකයන් දෙදෙනෙක් එතැනින් මතු වුණා..... එයාලා වනාන්තරයෙන් එළියට එන ගමන් මම හිටිය තැනට ටික ටික ලං වුණා.....ඉන් එක්කෙනෙක්  තද දුඹුරු පැහැති වෘකයෙක්, අනික ලා දුඹුරු පැහැතියි.....

ඇත්තටම ඔවුන් මාව නිරුවතින් දුටු බව ගණන් නොගෙන මම වතුරෙන් බහින ගමන් මගේ අළු කොට කලිසමට මාරු වුණා..... මම මගේ ඇඳුම් ටික ( කලිසම විතරක් ) ඇඳගත්තට පස්සෙයි මගේ ඉස්සරහ ඉදගෙන හිටිය ආගන්තුකයෝ දෙන්නා දිහා බලන්න කාලය වැය කලේ.....

"Hey Mate"

ඔවුන්ගේ ඇමතුම ආදරණීයයිද එහෙමත් නැත්තම් උපහාසාත්මකද කියලා හිතාගන්න මට ටික වෙලාවක් ඕනි වෙනවා කියන එක....... ආහ්...... මම මෙහෙම කියන්නම්කෝ..... මාර්ක් කරනකන් අපිට අපේ හැඟීම් තේරුම් ගන්න ලොකු හැකියාවක් නෑ...... අනික ඔමේගලාට කොහෙත්ම වැඩි ශක්තියක් නැහැනේ..... ඒත් මට ඒ කටහඬෙන් දැණුනෙ ලෙංගතුකමක් නම් නෙවෙයි..... ඒක ඇත්තටම උපහාසයෙන් පිරිලා තිබුණා..... ඔව් මදි නොකියන්නම...... හහ්....... සඳ දෙව්දුවට පිංසිද්ද වෙන්න මගේ වෙලාව නම් අන්තිම නරකයි......

______________________________________

ඉස්සෙල්ලා LYCAN MATE එකේ පොඩි ප්‍රශ්නයක් උනානේ.... මම ඒක අයින් කළා..... අලුතෙන් මේක ලියනවා.... මම මේකේ ඔමේගාවර්ස් ගැන ඉන්ට්‍රො එකක් ලොකුවට දෙන්න යන්නෑ, පොඩි ඉන්ට්‍රො එකක් පස්සේ දෙන්නම්.......

සැ.යු. මේකේ මේ විලෙන් රෑ ගොඩ එන සීන් එක හින්දි හොරර් මූවි එකකින් ගත්තේ...... ඒක බලලා අවුරුදු 4කට වැඩී මට නම මතක නෑ..... ඒකෙ නම් තිබ්බෙ හොල්මන විලෙන් උඩට එන සීන් එකක්..... ඒක ඔමේගාවර්ස් කතාවක් නෙවෙයි..... මම ඒක මතක් කරගෙන මේක මේ විදිහට ලිව්වේ...... ( ඒ හින්දා නැට්ට පාගන් එන්න එපා 😃 )

එහෙනම් DOUBLE MATES මෙතැනින් පටන් ගන්නවා.....


DOUBLE  MATES ( ටේකුක් )Where stories live. Discover now