🅢🅔🅒🅡🅔🅣 🅛🅞🅥🅔🅡 - 1

592 110 18
                                    

' ඔව් බන් එපා වෙලා ඉන්නේ , සතියක් වෙනවා තාම මේ පැත්තේ මනුස්සයෙක්වත් පාරට බැස්සේ නෑ'

'ඔව් ඔව් බන් හෙන බිසී මෙහෙ මනුස්සයෝ '

'මාත් ඊගාව සතියේ ඉදන් යුනි යනවනේ'

බැල්කනි එකට වෙලා එයාගේ හොදම යාලුවත් එක්ක මේ කතා කර කර ඉන්නෙ වන්ග් යීබෝ. යුනි යන්න පහසුවත් එක්ක යුනිවර්සිටියට ලගින් අපාන්ට්මන්ට් එකක් හොයාගත්තා ,

 ඒත් යීබෝ වටපිටාවෙ මිනිස්සුන්ට නම් ටිකක්වත් කැමති වුනේ නෑ මොකද ඒ හැම මනුස්සයම රොබෝවරු වගේ වැඩට යනවා ආපහු හවසට ගෙදර යනවා ආපහු උදේට ලෑස්ති වෙලා වැඩට යනව . වැඩිහිටියෝ නම් කමක් නෑ පොඩි එවුනුත් ඉස්කෝලේ යනවා ගේ ඇතුලට වෙලා පාඩම් කරනවා ආපහු උදේට ඉස්කෝලෙ යනවා , යීබෝ දැන් මේ සතියක ඉදන් මේ දිහා බලාගෙන ඉදලා එපා වෙලා තියෙන්නෙ

'උබට ඉතින් තනි නෑනේ උබේ දෑවැද්දත් අරගෙනනෙ ආවෙ' 

'හ්ම්ම්ම්.. මාත් මේ හිතුවේ පියානෝ එකවත් ප්ලේ කර කර ඉන්න තමයි' 

'කොහොමද අල්ල්පු ගෙදර පට්ට කෑල්ලක් හිටියොත්'

'අපෝ මෙහෙන්නම් කෑලි එපා උන්ගේ මූන බලන්න වෙන්නේ අර දාන් ඉන්න වෙස් මූන ගැලෙව්වට පස්සේ' යීබෝ කිව්වේ දැන් දවස් 2ක 3නකට කලින් දැක්ක එහා ගෙදර කෙල්ලෝ දෙන්නා නිසා දෙන්නගෙම වෙස් මූනක් දාලා වගේ මේකප් එකක් තිබ්බා.

'හරි හරි මං තියෙනවා , තව සතියක් විතර යනකොට ඕක හරියයි තාම උබ අලුත් නිසා වෙන්නැති.'

'හ්ම්ම්...බයි බායි'

යීබෝ කෝල් එක ඉවර වෙලා රාමෙන් එකක් හදාගෙන කන්න ගත්තා.

කම්මැලි නිසා යීබෝ ගියේ එයාගේ මැනික ගාවට , ඔව් ඔව් එයගේ පියානො එක තමයි.

"I want to stay, even thought you don't want me

Girl, why can't you wait

Why can't you wait baby

Girl, why can't you wait 'till I fall out of love

Won't you call out my name

Girl, call out my name, and I'll be on my way and I'll be on my..."

යීබෝ සිංදුව මුමුනන ගමන් පියානෝව මත රටා මැව්වා.

ටිකක් වෙලා යනකොට යීබෝට නිදිමත ආවා.වෙලාව බලනකොටයි දැක්කේ වෙලාව 12ට කිට්ටුයි කියලා. කොහොමත් යීබෝට පියානෝ ප්ලේ කරද්දි වෙලාව යනවා දැනෙන්නේ නෑ.

🅢🅔🅒🅡🅔🅣 🅛🅞🅥🅔🅡 σηє ѕнσт ✔Where stories live. Discover now