🅢🅔🅒🅡🅔🅣 🅛🅞🅥🅔🅡 - 2

448 126 54
                                    

දිනෙන් දින ගත වුනා. 

'මේක මං ඔයා වෙනුවෙන් ලිව්වේ , මට ඔයාව දැනුන විදිහ, මේක ප්ලේ කරන්න අද මං ආසයි අහන්න.

I'm missing you right now


Thinking of you, whenever I pace about


All the regrets, they are not the future


All the love is hard to avoid in the end


Cannot escape from the pain


No need to start over again


( *copied*Nan Hai )

රොකට් එක දිග ඇරලා යීබෝ සිංදුව කියෙව්වා. යීබෝ ඒ සිංදුව කියෙව්වේ මුහුනේ කවදාවත් ඇදිච්චි නැති හිනාවක් ඇදෙද්දී , ඒ හිනාව කොච්චරද කියනවනම් ඇස් වලටත් කදුලු පිරුනා , අද ලෙක්චර්සුත් නැති නිසා යීබෝ ගිහින් ඒ සිංදුවට පියානෝ එකේ notes හදන්න ගත්තේ නුපුරුදු හැගීම් ගොන්නක් හිතේ උඩු දුවද්දී.

රාත්‍රිය උදාවුනා. යීබෝ නාදුනන කෙනා වෙනුවෙන් සිංදුව ප්ලේ කරන්න පටන් ගත්තා , තමන් වෙනුවෙන් ලිව්ව ගීතේ තියෙන ඒ ගීතේ ගැබුරැ තේරුමට යීබෝ ආස කලා , නෑ ආදරේ කලා. ඇස් පියාගෙන යීබෝ ප්ලේ කරනකොට යීබෝගෙ කදුලු කොපුල් දිගේ රූටා ගියා.

....................................................................................

'ලස්සනම ලස්සනයි ඒ තනු මගේ හිත නිවනවා ඔයා වගේ '

යීබෝ රොකට් එකේ ලියලා තිබුන දේ කට පාඩම් වෙනකම් කියෙව්වා. මේ වෙනකොට යීබෝගෙ හිතේ නුපුරුදු හැගීම් ගොන්නක් නලියන ගමන් තිබුනේ. යීබෝ ලෑස්ති වෙනකොට යුනි එක පටන් ගන්න විනාඩි 20ක් විතර ඇති , යීබෝගෙ උද්යෝගෙ කොච්චරක් ද කිව්වොත් යීබෝ පයින්ම දුවගෙන යුනි එකට ගියේ , වෙනදට කලින් ලෑස්‍ති වුනත් යන්නෙ බස් එකේ

..........................................................................

'මේක නම් හොදටම ඇති , මොන මගුලක්ද හොයන්න එපා කිව්වහම හොයන එකත් නතර කලා මෙහෙම කරන්න පුලුවන්ද මං වෙනුවෙන් සිංදුත් ලියනවා , ඒ වුනාට කවුද කියන්න බැ , රොකට් ඇර ඇර තමා ජීවිත කාලෙටම ඉන්න වෙන්නෙ , හිටපන්කෝ මං කියනවා මට එයාව බලන්න ඕනෙ කියලා කැමති වුනේ නැත්නම් කියනවා ආපහු ප්ලේ කරන්නේ නෑ කියලා' යීබෝ පහුවදා ඇදේ ඉදගෙනම කල්පනා කලා.

🅢🅔🅒🅡🅔🅣 🅛🅞🅥🅔🅡 σηє ѕнσт ✔Tempat cerita menjadi hidup. Temukan sekarang