Chapter 9

353 130 20
                                    

Jungkook's View

කාමරේ ජනේලෙන් රිංගලා ආපු ඉර එළිය මගේ ඇහි පිහාටු උඩ දඟ කරද්දි මම හිමින් ඇස් ඇරියා..එකපාරටම ඉර එළියට හුරු වෙන්න බැරි ‌වුණ නිදා මම තදින් ඇසිපිය ගැහුවා..

මං බැලුවෙ මගේ එහා පැත්තෙ නිදාගනෙ හිටිය යුන්බි දිහා..ඒ පුංචි කම්මුල් උඩම වේලිලා ගිය කඳුළු පාරවල් මම හිමින් පිහ දැම්මා..යුන්බිගෙ මූණට වැටිලා තිබ්බ කොණ්ඩෙ කන පිටිපස්සෙන් රැඳෙව්වෙ එයා දිහාම බාධාවක් නැතුව බලාගෙන ඉන්න..

විනාඩි ගානක් කිසිම හැලහොල්මනක් නැතුව මං ඒ රූපෙ දිහාම බලාගෙන ඉන්න ඇති..

මගෙ සුරංගනාවි..

යුන්බිගෙ නළලට තද හාදුවක් දීලා ඇඳෙන් බැස්සෙ සද්ද නොනැගෙන්න..අද උදේ මම හිටියෙ තරමක් සතුටින්..

පහුගිය දවස් ටිකේම මම කවුච් එකේ නිදාගත්තෙ යුන්බිට තනියම නිදාගන්න ඉඩහැරලා..ඒත් ඊයෙ රෑ පුදුමෙකට වගේ යුන්බි එයා ගාවින් නිදාගන්න කියලා ඉල්ලුවා..ලැව් ගින්නකට අහුවුණ ‌කැළයකට වැහිපොද කඩන් හැලුණා වගෙයි මට දැනුනෙ..

යුන්බිගෙ වේදනාවෙත් අවසානයක් තියෙන්න ඕනෙ..

ඊයෙ දවසෙ සිද්ධ ‌වුණ නරක මතක වලට මම අමතක වෙන්න ඉඩ හැරියා වුණත් යුන්බි වෙනුවෙන් ඉක්මනින්ම පියවරයක් ගත යුතුව තිබුණා..

පල්ලෙහට ඇවිත් මම අපි දෙන්නටම කෝපි හදන්න ගත්තෙ පොඩි සන්තෝසයක් හිතේ ඇතුව..කෝපි එක හදමින් ඉන්න අතරතුරේදි සිහින් අත් දෙකක් මගේ බඳ වටා එතුණෙ මං හිතුවෙවත් නැති විදිහට..

යුන්බිගෙ සුවඳ මගෙ නාස්පුඩු අතරින් ඉහළට ඇදෙන්න ගත්තා..

"යුන්බියා..?"මම පුදුම වුණේ යුන්බිගෙ මේ හැසිරීම නුපුරුදු දෙයක් නිසා නෙවෙයි..

මේ මගේ කලින් හිටිය යුන්බිමයි කියලා මට දැනුන නිසා..

ඉස්සරත් යුන්බි මෙහෙමයි..මේ ඉරියව්වෙන් රැඳිලා ඉන්න යුන්බි හරිම ආසයි..

"ම්ම්..දේහ්.."ගොඩක් දවසකින් ඒ හුරතල් කටහඬ මම ඇහුවා..

මම යුන්බිගෙ පැත්තට හැරුණා..එක මොහොතකට හදවත නතර වුණා සත්තයි..

Hide & Seek | Jungkook Centric | CompletedWhere stories live. Discover now